කොළබ සරසවියේ දියණිය තැබූ අපූරු සටහන..

පසුගිය දිනෙක කොළබ විශ්ව විද්‍යාලේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වුනා.එහි බොහෝ කථාබහට ලක්වුන කරුනක් වූයේ විද්‍යාර්ථියන් පිරිසක් විසින් කුළපති ස්වාමීන් වහන්සේ අතින් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ශේප කිරිමය.
ඒ සම්බන්ධව බොහෝ ධනාත්මක සහ සෘණාත්මක අදහස් මුහුනුපොතේ සැරි සැරූ අතර ඒ සියල්ලම ඉක්මවා ගිය අපූරු සටහනක් ගොසිප් ලංකා නිව්ස් අපේ නෙත ගැටුනා.ඒ කෙතරම් විවේචන තිබුනත් මවගේ ආශාව නිසා ඉවත දැමිය නොහැකි විරෝධයද යටපත් කොටගෙන උපාධි සහතිකය ලබාගත් දියණියක් විසින් ඇගේ මුහුණුපොත් ගිණුමේ තැබූ සටහනකි.

මට ඕන වුනේම VC ගෙ අතින් ගන්න පුළුවන්ද අහලා බෑ කිව්වම එහෙනම් එපා කියලා එන්නමයි ඒ වෙලේ. ඒත් මතක් වුනේම අම්මා අමාරුවෙන් ආවෙම මම මේක ගන්නවා බලන්නමයි. මේ ගන්න ඵොටො එක ජීවිත කාලෙටම එයාට වටින එකක්. ඒක කැප කරන්න මට ධෛර්යය නැති වුනා. එහෙම කැප කරපු අපේ ඒ සහෝදර සහෝදරියන්ට මගේ ප්‍රණාමය. ඒ කැපකිරීමේ වටිනාකම දන්නෙම ඒකට මුහුණ දීපු කෙනෙක්ම තමයි. ස්වාමීන්වහන්සේගෙන් ගත්තත් උන්වහන්සේගේ පත්වීමට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

සියල්ල දෙස උපේක්ශාවෙන් බලන කළ අපිට පෙනෙන්නේ එකම එක කාරණාවකි.එනම් එදින ස්වාමීන් වහන්සේගේ දෑතින් සහතික පත්‍රය ලබාගත්ත ද බොහෝ පිරිසක් කපන්න බැරි අත යන්තමට ඉම්බා පමනකි.

  1. මේ මෝඩ මොංගලයෝ හිතාගෙන ඉන්නේ මේ උපාධිය හෙන ලොකු දෙයක් කියලා. මුං හැම දෙනාම බෞද්ධ කමට බෞද්ධබ සංස්කෘතිකට විරුද්ධ උන්. මීට කලින් ඔස්වල්ඩ් ගෝමිස් බිෂොප්වරයා ගෙන් ඕක ගත්තෙ කොහොමද මුන්. මේ රටේ අධ්‍යාපනය ඇතුළු සියල්ල ක්‍රියාත්මක වෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව

    • මහත්තයෝ …ඒ ශිෂ්‍යයන්ගේ මතය වන්නේ ඔවුන් දේශපාලන පත්වීම් පිලි නොගැනීමයි…අනික Dr.Owwald Gomis උගතෙක්…masters, phd ඔක්කොම් තියන නිසා ලැබුනු තනතුරක්…හැම දේටම ආගම ගාව ගන්න එපා ලොක්කා…

    • උපාධියක වටිනාකම දන්නේ නැති ඔබ වැනි පුද්ගලයන් සමාජයට වහක්….අවස්තාවාදි දේශපාලුවන්ට නියමයි…

    • මෙම සිද්ධිය නිසා චීවරය ට අගෞරව කලේ ස්වාමින් වහන්සේමයි……
      බුද්ධ ධර්මයේ කියා තිබෙන්නේ තමන්ට නුසුදුසු යයි දන්නා දෙයක් ප්‍රතික්ෂේප කරන්න නේද?? මේ ශිෂ්‍යන්ගේ ක්‍රියාව අද විවේචනය වුවත් එය සමාජ අසාධාරණයට විරුද්ධව පාලකයන්ට යම් පණිවිඩයක් දෙනවා, අදටත් හෙටටත් ඵය වැදගත්…

  2. උපාධි ලාභීන් බැලිය යුතු වූයේ පුද්ගලයා දෙස නොව, අරහත් ධජය දෙසයි. උපාධි ලාභීන් පිරිසක් කල දේ සමාජ සාර ධර්මයන් ට සුදුසු නොවේ.

  3. වී කරල පැහෙන්න පැහෙන්න නැමෙන සේය. උපාධි ලබන්න ලබන්න නිහතමානී බව තීව්‍ර විය යුතුය.

    • උගතෙක් වෙන තරමට නිහතමානි වියයුතුයි. ඉතා වටිනාම දෙයක් හා වටිනාම දිනය කුජිත ක‍‍ර්ගත් ගත්තා.කාගේවත් දෙශපාලනයෙන් තවත් අපහස විදිනවවා.කුලපති පට්ජ්විම නුසුදුසුය.නමුත් ජිවිත්‍යේ වටිනාම සහතිකයේ තබා ඇති කුලපති ✋ අත්සන් මකන්න පුලුවන්ද.දුවෙ ඔබ තම අම්මාට කොත්‍රම් ආදරෙද තම අම්මාගේ පැතුම ඉටු කල නිර්භීත දුව ණියනි.ඔබට දලද සමිදු පිහිටයි .ඔබගේ අනාගතය සර්වප්‍ර්‍රකාරයෙන්ම සාර්තකත්වයට පත්වෙවා.
      අර වැනි දරුවන් නිසා තමයි අද වැඩිහිටි නිවාශ පිරිලා තියෙන්නේ.එදා සහසහතිකය ලබා ගත් දරුවනේ ඔබ ඔබ අපේ රටට කිර්තියක්.
      ලබා නොගත් දරුවනේ ඔයිටවඩා ආදර්ශමත් වන්න.ඔබගේ දෙමව්පියන්ට්ටට මොනතරම් ආශා වකින් ඉන්න ඇද්ද.කරනදේ හරියාකාරව කරන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48