කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු අරඹයි

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජනා වූ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ හංගේරියානු රජයේ මූල්‍යාධාර මතයි.

මෙම ව්‍යාපෘතිය මාස 22 කින් නිම කිරීමට අපේක්ෂිත වනවා.

අදාළ ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සහ මුල්ගල තැබීම කොහුවල මංසංධියේ දී ඊයේ (11) සිදුකෙරුණේ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ හංගේරියානු රජයේ වෙළෙඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ ගේ ප්‍රධානත්වයෙන්.

කොහුවල මංසන්දියේ සිට කොළඹ – හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකරනු ලැබේ. මෙම පාලම දිගින් මීටර 297ක් වන අතර පළල මීටර 9.4 ක් වෙයි.

මීට අමතරව ගුවන් පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 4ක මාර්ගයක් ඉදිකෙරෙන අතර නුගේගොඩ කළුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීම ආලෝක සංඥා මගින් පාලනය කිරීමට කටයුතු යොදා ඇත.

ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ගුවන් පාලම පහළින් නුගේගොඩ – කළුබෝවිල මාර්ගය වෙත ගමන් කළ හැකිය. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 2,648කි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,

“කොහුවල විතරක් නෙවෙයි. ගැටඹේ ප්‍රදේශයේත් අපි ගුවන් පාලමක් ඉදිකිරීම ආරම්භ කළා. ඒ වගේම මේ හංගේරියානු මූල්‍යාධාර මත තවත් ගුවන් පාලම් 09ක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. අධිවේගී මාර්ග, ගුවන් පාලම් හැදුවත් රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. මේ දේවල් තාවකාලික ප්‍රශ්න. ඩොලර් ප්‍රශ්නය කොවිඩ් අර්බුදය නිසා ඇතිවුණු ප්‍රශ්නයක්. අපිට විදේශ විනිමය අවශ්‍ය තරම් ලැබෙන්නේ නැහැ.”

“ඩොලර් වියදම් කරලා අපි ගෙනාවේ එන්නත්. එන්නත් ලබාදීලා කොවිඩ් අර්බුදය පරාජය කරපු ලෝකයේ ප්‍රධාන රටවල් පහ අතර අපේ රට ඉන්නවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47