කොස්සක හංගලා බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය අරන් ඇවිත් – කතක් අත්අඩංගුවට

ප්ලාස්ටික් කොස්සක සූක්ෂම ලෙස සඟවා රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට යැවීමට තැත්කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් කළුතර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කාන්තාව විසින් හෙරොයින්, අයිස්, හෂිස් සහ ඈෂ් මත්ද්‍රව්‍ය මෙලෙස ප්ලාස්ටික් කොස්ස සඟවා බන්ධනාගාරය තුළ යැවීමට උත්සාහ ගෙන තිබෙනවා.

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියා බැලීම සඳහා සැකකාරිය ඊයේ දිනයේ ආහාර පාන රැගෙන විත් ඒවා භාරදී තිබෙනවා.

පසුව සිර මැදිරිය ඇතුගෑම සඳහා බව පවසමින් ඇය ප්ලාස්ටික් කොස්සක් ගෙනවිත් දී ඇති බවයි වාර්තා වන්නේ.

එම කොස්ස පිළිබඳව ඇති වූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් එය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ඉතා සූක්ෂම ලෙඅ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළදී අධික මිලකට විකිණීම සඳහාලබාදීමට රැගෙන විත් ඇති බවයි අනාවරණය ඇත්තේ.

සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය ද සමඟ කළුතර උතුර පොලිසියට භාර දී ඇති අතර, ඇය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14