කොස්සක හංගලා බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය අරන් ඇවිත් – කතක් අත්අඩංගුවට

ප්ලාස්ටික් කොස්සක සූක්ෂම ලෙස සඟවා රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට යැවීමට තැත්කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් කළුතර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කාන්තාව විසින් හෙරොයින්, අයිස්, හෂිස් සහ ඈෂ් මත්ද්‍රව්‍ය මෙලෙස ප්ලාස්ටික් කොස්ස සඟවා බන්ධනාගාරය තුළ යැවීමට උත්සාහ ගෙන තිබෙනවා.

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියා බැලීම සඳහා සැකකාරිය ඊයේ දිනයේ ආහාර පාන රැගෙන විත් ඒවා භාරදී තිබෙනවා.

පසුව සිර මැදිරිය ඇතුගෑම සඳහා බව පවසමින් ඇය ප්ලාස්ටික් කොස්සක් ගෙනවිත් දී ඇති බවයි වාර්තා වන්නේ.

එම කොස්ස පිළිබඳව ඇති වූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් එය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ඉතා සූක්ෂම ලෙඅ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළදී අධික මිලකට විකිණීම සඳහාලබාදීමට රැගෙන විත් ඇති බවයි අනාවරණය ඇත්තේ.

සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය ද සමඟ කළුතර උතුර පොලිසියට භාර දී ඇති අතර, ඇය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42