කොස්ගොඩ සුජීගේ ඥාතීන් ඝාතනයට පැමිණි 4ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සඳහා ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රථයකින් පැමිණෙමින් සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසලදී ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ හෙරොයින් සොයා ගැනුනා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල ලොකු පැටී හා කරන්දෙණිය ආබෲ යන පාතාල කල්ලි නායකයන් දෙදෙනාගේ ගෝලයින් සිව් දෙනෙක්.

මොවුන් මීගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි කොස්ගොඩ සුජී නැමති පාතාල කල්ලි නායකයාගේ ඥාතීන් පිරිසක් ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් මත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකිරීමට නියමිතයි.

මේ අතර රාගම – වල්පොල සුනාමි ගම්මානයේ නිවසක සිටි පිරිසකට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මාළු කුමාර නැමැත්තා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් අතර 17 හැවිරිදි පාසල් සිසුවෙකු ද සිටින බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ රාත්‍රී 9.30 ට රාගම – වල්පොල සුනාමි ගම්මානයේ මාළු කුමාර නමින් හදුන්වන පුද්ගලයාගේ නිවසට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් 52 හැවිරිදි ප්‍රදීප් කුමාර නොහොත් මාළු කුමාර නම් ව්‍යාපාරිකයා, ඔහුගේ 70 හැවිරිදි මව හා 12 හැවිරිදි වියේ පසුවන අසල්වැසි නිවසක පදිංචි පාසල් සිසුවෙකු ද තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක් වු නිවස ආසන්නයේ හිස් පතුරම්කොපු 4 ක් තිබී පොලිසිය සොයාගත්තා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු තිදෙදෙනා ප්‍රතිකාර සදහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර, මාතර පොලිස් බල ප්‍රදේශයෙ සම්බෝධි මාවත පල්ලිමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසට ඊයේ අළුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පාතාල සමජික කැකනදුර නීල් නැමති පුද්ගලයාගේ මෙහෙයවීම මත ඔහුගේ ගෝලයෙකු විසින් 9 අදාල වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

2010 වර්ෂයේදි කැකණදුර ප්‍රදේශයේ පදිංචිව සිටි රංගන නැමති පුද්ගලයාව කැකනදුර නීල් විසින් ඇල්ලකන්ද රක්ෂිතයට රැගෙන ගොස් පහරදී ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් ඇති නඩුකටයුත්තක් සඳහා ඔහුට විරුද්ධව සාක්ෂි ලබා දීම හේතුවෙන් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ කටයුතු මාතර පොලිසිය විසින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39