සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී අද (13) අලුයම මීරිගම, රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් ඇති බවය.
එම අවස්ථාවේ දී ඇති වු සිදුවීමක දී පොලීසිය ගිනිඅවි මඟින් සිය බලය පාවිච්චි කිරීමේ දී සැකකරු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
කෙසේවෙතත් එම සිදුවීමේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද තුවාල ලබා ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.














අවිගත්තෝ, අවියෙන්ම නසී.