spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් 19 ගැන  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයෙකුගෙන් කොළ එළියක්

කොරෝනා වයිරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පැවසීය.

කොරෝනා වයිරසය, මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වසරේදීය.

වයිරසය හිස එසවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

තවමත් කොරෝනා චීනයට හිසරදයකි. චීනය ‘කොවිඩ් 19’ පාලනයට පැනැවූ සෞඛ්‍ය සීමා, ජනතා විරෝධය හේතුවෙන් ලිහිල් කර සහ ඉවත් කර තිබේ. ඒ අනුව, වයිරස ව්‍යාප්තිය පාලනයකින් තොරව සිදුවන බව පැවැසෙයි.කෙසේ නමුත් ලොව සෙසු රටවල මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්ය.

සාර්ථක එන්නත්කරණයත්, කොරෝනා වයිරසයේ සැර බාලවීමත් සමඟ වයිරස අවදානය කෙමෙන් පහව ගිය බවත්, තව දුරටත් කොරෝනා සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

කොරෝනා වසංගතයේ අවදානම පහව ගොස් ඇති බව නිල වශයෙන් දැනුම් දීම මෙම වසර අවසන් වීමට පෙර සිදු කරන බව ද ගෙබ්‍රියේසිස් එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

“කොවිඩ් 19 හෝ එම් මොක්ස් හෝ තව දුරටත් ලෝකයට තර්ජනයක් නොවෙයි. අවදානම් තත්ත්වය මේ වනවිට පහව ගොස් අවසන්. 2023 වසරට පය තබද්දී, මෙම වයිරස සම්බන්ධයෙන් පැනැවූ හදිසි තත්ත්වයන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, සෞඛ්‍ය සීමා මුළුමනින්ම ඉවත් වේවි. කෙසේ නමුත් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් අප පාඩම් ඉගෙන ගන්න ඕනෑ. යළි එවැනි අවදානම් තත්ත්වය ඕනෑම මොහොමත ඇති වෙන්න පුළුවන් බව සිහියට ගන්න ඕනෑ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?