කොවිඩ් 19 ගැන  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයෙකුගෙන් කොළ එළියක්

කොරෝනා වයිරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පැවසීය.

කොරෝනා වයිරසය, මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වසරේදීය.

වයිරසය හිස එසවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

තවමත් කොරෝනා චීනයට හිසරදයකි. චීනය ‘කොවිඩ් 19’ පාලනයට පැනැවූ සෞඛ්‍ය සීමා, ජනතා විරෝධය හේතුවෙන් ලිහිල් කර සහ ඉවත් කර තිබේ. ඒ අනුව, වයිරස ව්‍යාප්තිය පාලනයකින් තොරව සිදුවන බව පැවැසෙයි.කෙසේ නමුත් ලොව සෙසු රටවල මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්ය.

සාර්ථක එන්නත්කරණයත්, කොරෝනා වයිරසයේ සැර බාලවීමත් සමඟ වයිරස අවදානය කෙමෙන් පහව ගිය බවත්, තව දුරටත් කොරෝනා සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

කොරෝනා වසංගතයේ අවදානම පහව ගොස් ඇති බව නිල වශයෙන් දැනුම් දීම මෙම වසර අවසන් වීමට පෙර සිදු කරන බව ද ගෙබ්‍රියේසිස් එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

“කොවිඩ් 19 හෝ එම් මොක්ස් හෝ තව දුරටත් ලෝකයට තර්ජනයක් නොවෙයි. අවදානම් තත්ත්වය මේ වනවිට පහව ගොස් අවසන්. 2023 වසරට පය තබද්දී, මෙම වයිරස සම්බන්ධයෙන් පැනැවූ හදිසි තත්ත්වයන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, සෞඛ්‍ය සීමා මුළුමනින්ම ඉවත් වේවි. කෙසේ නමුත් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් අප පාඩම් ඉගෙන ගන්න ඕනෑ. යළි එවැනි අවදානම් තත්ත්වය ඕනෑම මොහොමත ඇති වෙන්න පුළුවන් බව සිහියට ගන්න ඕනෑ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25