කොවිඩ් හැදුනු සිංහයා ගැන ඇමති කරන හෙළිදරව්ව

දෙහිවල සත්තුවත්තේ කොරෝනා ආසාධිත වී ඇති සිංහයාගේ තත්වය මේ වන විට යහපත් අතට පත්වෙමින් පවතින බව වනජීවි සම්පත් සහ වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවිර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කර තිබුණේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වුවා.

“දින කිහිපයකට පෙර අසනිප තත්වයකින් පෙලෙන නිසා මෙම සිංහයාට ප්‍රතිකාර කිරීම ආරම්භ කරා. නමුත් සිංහයාගේ රෝගි තත්වය හොද අතට හැරැනේ නැහැ. පසුව සිංහයාගේ ලේ සාම්පල් ගෙන පේරාදෙණිය පශු වෛද්‍ය ඒකකයෙන් සහ තවත් ආයතන කිහිපයකින් පරීක්ෂා කල අතර මෙම සිංහයාට කොවිඩ් වැලදි ඇති බව තහවුරු වුණා. මේ තත්වය තහවුරු කර ගැනිම සදහා ඉන්දියාවේ චෙන්නායි සත්ව උද්‍යානයට මෙම සිංහයාගේ වාර්තා යවා පරීක්ෂා කිරීමේදි මෙම සිංහයාට කොවිඩ් වැලදි ඇති බව තහවුරු වුණා. ඒ වෙන විටත් මෙම සිංහයාට ප්‍රතිකාර ලබාදිම දෙහිවල සත්තු උද්‍යානයේ පශු වෛද්‍යවරුන්  විසින් ආරම්භ කර තිබුනා. චෙන්නායි සත්ව උද්‍යානයේ සිංහයින් 15 දෙනෙකුට කොවිඩ් හැදී ඇති නිසා එම ආයතනය තුල ඇති අත්දැකිම් උපයෝගි කර ගනිමින් තවදුරටත් ප්‍රථිකාර ලබා දෙනවා.”

“පසුගිය දින කිහිපය තුල මෙම සිංහයා ආහාර ගැනීම සිදුකරේ නැහැ. නමුත් මේ වෙනවිට ආහර ගැනීම් සහ පානය කිරීම් සිදු කරනවා. ඒ වගේම පසුගිය දින කිහිපය තුල සිංහයා නැගිටීමේ අපහසුතාවයකින් පසු උනා නමුත් දැන් නැගිටින්න පටන් අරන් තියෙනවා. කොවිඩ් රෝගය වැලදුනු සිංහයෙක් යතා තත්වයට පත් වෙන්න දින 20ක පමන කාලයක් ගත වෙනවා කියලා චෙන්නායි සත්ව උද්‍යානයෙන් අපිට දන්වලා තියෙන්නේ. ඒ වගේම නිතර මෙම සිංහයාගේ තත්වය පිලිබද වාර්තා ජයාරෑප යවා අපි අත්දැකිම් ඇති එම ආයතනයෙන් උපදෙස් ගන්නවා. අදහස් හුවමාරු කර ගන්නවා.”

“ඒ වගේම මෙම සත්ව උද්‍යානයේ  සිටින සිංහ දේනුවත් යම් කිසි අසනීප තත්වයක් පෙන්නුම් කළා. එම සිංහ දේනුවගේත් පරීක්ෂණ කිහිපයක් කරලා තියෙනවා. නමුත් එම සත්වයාට කොවිඩ් ආසාධනය වි ඇති බවට තවම තහවුරු වෙලා නැහැ. ඒ වගේම සත්ව උද්‍යානයේ සේවකයින් 50 ක පමන පී.සී.ආර් පරීක්ෂනය කරනවා. එක් පුද්ගලයෙකුගේ පමණක් සැක සහිත තත්වයන් තියෙනවා. ඔහුගේද පරීක්ෂණ කටයුතු සිදු කළා. එහි ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි පසුගිය කාලය තුලම සත්ව උද්‍යානය වසා දමා තිබුනා. නමුත් එම සත්ව උද්‍යානය තුල යම් ඉදි කිරීම් වගයක් සිදු කිරිමට පිරිස් පැමිණිලා තියෙනවා. එම පිරිස්ද නැවැත්විමට අපි කටයුතු කළා. ඒ වගේම රිදියගම සත්ව උද්‍යානය තුලද පී.සී.ආර් පරීක්ෂණ කටයුතු සිදු කරන්න අපි කටයුතු කරනවා. පවතින තත්වය තුල දෙහිවල සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ඇතුලු පශු වෛද්‍යවරුවන් පවතින තත්වය පිලිබදව නිරන්තරයෙන් සොයා බලා අවශය කටයුතු කරමින් සිටිනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
00:00
Video thumbnail
කාලගුණය උඩි යටිකුරු වෙයි..මෙන්න නොසිතූ වෙනසක්..වායුගෝලයේ කැලඹෙන ස්වාභාවයක්?
02:46
Video thumbnail
නාමල් කරන්නෙත් පවුල් දේශපාලනයක්ද ?..ජාතික දේශපාලනයේ වෙනස නාමල් පෙන්නනවා
07:11
Video thumbnail
එළොව ගිය රංග රාජපක්ෂ ගැන සංජීවගෙන් ප්‍රබල හෙළිදරව්වක්..ඇයි මේ වැඩේ හැංගුවේ.. CIDට යන්න තිබ්බනේ
04:13
Video thumbnail
10 වෙනි විධායක ජනපති ගැන සංජීව කට අරියි..දිලිත් නාමල්ට අභියෝගයක් වෙයිද ?
02:39
Video thumbnail
ආණ්ඩුව අපිට කරන චෝදනාවලින් බහුතරයක් දේශපාලන ප්‍රබන්ධ..සංජීව හොඳම එකෙන් කියයි
03:43
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33