කොවිඩ් හැදුණු රාළහාමිගේ සිරුර දින 51 ක් රෝහලේ වතුර ටැංකියේ

ගම්පොළ ශික්‍ෂණ රෝහලේ පානීය ජල ටැංකියේ තිබී සොයාගත් පොලිස් සාජන්වරයාගේ මරණය සැක සහිත බව ඔහුගේ පුත් එස්. අභිමාන් පවසයි.

ප‍්‍රතිකාර සඳහා ගම්පොළ රෝහලට ඇතුළත් කර සිටියදී මීට මාස එකහමාරකට පෙර (දින 51) මෙම පොලිස් සාජන්වරයා රෝහලින් අතුරුදන්ව සිටි අතර බෙහෙවින් නරක් වී තිබූ ඔහුගේ සිරුර ජල ටැංකියේ තිබී මෙසේ ඉකුත් (29 දා) සොයාගනු ලැබීය.

මෙසේ මියගොස් ඇත්තේ කොත්මලේ පොලිසියේ සේවය කළ එස්. ඉලංගෝවන් නමැති පොලිස් සැරයන්වරයාය.

පනස් දෙහැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකු වන මොහු පූඩළු ඔය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොරෝනා රෝගයට ගොදුරුව සුවවී පසුව නැවතත් ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොහු ගම්පොළ රෝහලට ඇතුළත් කර සිට ඇත.

එහිදී සැප්තැම්බර් මස 8 දින දහවල් සිට මොහු ප‍්‍රතිකාර ගත් වාට්ටුවෙන් අතුරුදන්ව ඇති බවට ලැබී ඇති පැමිණිලි මත ගම්පොළ පොලිසිය, පූඩළු ඔය හා කොත්මලේ පොලිසිවලින් පරීක්‍ෂණ සිදුකරමින් සිට ඇත.

මියගිය සාජන්වරයා කලක් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ ආරක්‍ෂකයකු ලෙසත් පසුව නුවරඑළිය පොලිසියේත් සේවය කර ඇති අතර පසුව කොත්මලේ පොලිසිය වෙත වාර්තා කර තිබිණි.

මොහු හා පවුලේ පිරිස්ද කොරෝනා වෛරසයට ගොදුරුව සිටියදී ඇතිවූ විවිධ සංකූලතා හේතුවෙන් මොහු මෙසේ ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබිණි. රෝහලේ බීමට ගන්නා ජලයේ අධික දුර්ගන්ධයක් තිබෙන බවට වාට්ටු වලින් ලැබුණු පැමිණිලි මත මෙම ජල ටැංකිය පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ මෙම සිරුර දැක ඇත.

අඩි 40 කට අධික උසකින් යුත් මෙම ජල ටැංකිය තුළ තිබී මෙම සිරුර හමුවන විට එය බෙහෙවින් නරක්වී තිබිණි. සිද්ධිය වූ ස්ථානයට මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු ශී‍්‍රනිත් විජේසේකර මහතා පැමිණි පසු සිරුර ගොඩගත් අතර එහිදී මියගිය අයගේ පුත් අභිනාත් විසින් එය හඳුනාගනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා සිරුර මහනුවර මහ රෝහල වෙත රැගෙනගිය අතර පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් පසු එහි පරීක්‍ෂණ සිදුකිරීමට නියමිතව තිබිණි.

සිය පියාගේ මරණය පිළිබඳව එස්. අභිනාත් මෙසේ ප‍්‍රකාශ කළේය.

තාත්තාට ගෙදරවත්, සේවය කළ පොලිසිය තුළවත් කිසි ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. එයා අපි කා එක්කත් හොඳින් හිටියා. එයාට මැරෙන්න කිසිම හේතුවක් නෑ. ඒ නිසා අපට මේ මරණය ගැන සැකයක් තියෙනවා. ඒ නිසා ඇති වන සැකය වැඩියි. අපි ඉල්ලා සිටිනවා මේ මරණය ගැන හොඳ විධිමත් පරීක්‍ෂණයක් කරන්න කියලා.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටි අතර ගම්පොළ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ පැවැත් වූහ.

ගම්පොළ – සුරංග දිල්හාන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18