කොවිඩ් සෑදුණු මහියංගණ සභාපති හඬා වැටෙයි

කොවිඩ් 19 ආසාදිත බවට ඊයේ (15) දින හඳුණා ගත් මහියංගණ ප්‍රාදේශීය සභාවේ සභාපති කරූ වීරරත්න සංවේදී වෙමින් හඬා වැටුණා.

සභාපතිවරයා කොවිඩ් 19 ආසාදිත බවට අනාවරණය වූයේ දින කිහිපයකට පෙර ලබා ගත් ඔහුගේ ජෛව සාම්පලවලට අදාළ PCR වාර්තාව ලැබීමත් සමගයි.

සභාපතිවරයා මෙන්ම ඔහුගේ රියදුරා ද ආසාදිතයෙකු බව මෙහි දී හඳුණා ගනු ලැබුවා.

මේ අතර පසුගිය (07) වැනි දා ලබාගත් තමාගේ ජෛව සාම්පලවලට අදාළ PCR වාර්තාව පැමිණීමට දින 08ක් පමණ ගත වීම පිළිබඳව කරූ වීරරත්න සභාපතිවරයා සිය දැඩි කණගාටුව පළ කළා.

ඒ අතරතුර කාලය තුළ තමන්ට ඉතාමත් දරුණූ සංකූලතා මතුවූ බවත්, එම දින කිහිපයේ දී තමා මියයන්නට පවා ඉඩ තිබූ බවත් ඔහු පවසනවා.

සිය දිවියෙහි පළමු වරට මරණ බිය දැණුනු බව සඳහන් කරන සභාපතිවරයා පෙන්වා දෙන්නේ PCR වාර්තා දින ගණනාවක් ප්‍රමාද වීම හරහා කොවිඩ් 19 ආසාදනය වී රෝගී තත්ත්ව උත්සන්න වී සිටින අවස්ථාවේ දී රෝගීන්ට නිවසේ සිටීමට සිදුව ඇති බවයි.

තමන් සභාපතිවරයා වීම හේතුවෙන් සහ සිය පවුලෙහි ආර්ථික පසුබිම මත කෑම බීම ආදිය නොඅඩුව තමන් හට ලැබුණු බවත්, මිතුරු වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ආදිය ද ලැබුණු බවත් පවසන සභාපතිවරයා ප්‍රශ්ණ කරන්නේ මෙම රෝගය ගම්මානවල සිටින අසරණ ජනතාව වෙත වැළඳුණු විට ඔවුන්ට කෑම බීම ආදිය ලැබෙන්නේ ද යනුවෙන්.

තමා ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව අදාළ බලධාරීන් තමන්ගෙන් විමසා සිටියේ, ජෛව සාම්පල ලබා ගත් මොහොතින් දින 08 කට පසු තමා ආසාදිත බවට හඳුණාගැනීමෙන් අනතුරුව බවයි ඔහු පවසන්නේ.

සාම්පල ලබා ගැනීමට පෙර එනම් දින 10කට පමණ පෙර ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව හරි හැටි පැවසීමට මතකයක් නොමැති බවත්, මහියංගණ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් එම කාලයේ දී තමන්ව මුණ ගැසීමට පැමිණි බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව තම ආශ්‍රිතයින් බොහෝ පිරිසක් මහියංගණය ප්‍රදේශයේ වාසය කරනු ඇති බවට ඔහු සැක පළ කරනවා.

මෙවන් තත්ත්වයක් තුළ දෛනිකව හමුවන රෝගීන් ප්‍රමාණය ලෙස නිවේදනය කරන සංඛ්‍යාවලට වඩා පිරිසක් සමාජය තුළ සිටිනු ඇති බව ද ඔහු සඳහන් කරනවා.

PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත් දිනයේ සිට නිසි සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව තමා නිවසෙන් බැහැර නොයා කටයුතු කළ නමුත් එලෙස කටයුතු නොකරන පුද්ගලයින් ද සිටින බව ඔහු සිහිපත් කළා.

නිවසේ නිරෝදායනය වෙමින් සිටි තමන් හට හුස්ම ගැනීමේ අපහසුතා දැඩි ලෙස දැණුනු බවත් තමාව රෝහල්ගත කිරීම සිදු කළ යුතුව තිබුණේ මීට පෙර බවත්, එවැනි අසරණ අවස්ථාවකට පත් වූ විට මිල මුදල් හෝ තනතුරු හෝ වෙනත් කිසිම දෙයකින් ඵලක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

මරණ බය දැණුනු විට කෙනෙකු දැඩි ලෙස අසරණ වන බව කියමින් සභාපතිවරයා සංවේදී වෙමින් හඬා වැටෙන්නට ද වූවා.

https://youtu.be/X-ccs0X6_Es


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
සජිත් බන්ධනාගාර සිද්ධිය ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - සැලසුම්ගතව කරන කඩාකප්පල්කාරි වැඩක්
02:53
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
බන්ධනාගාර නොසන්සුන්තාව ගැන ආනන්දගෙන් විශේෂ ප්‍රකාශයක් - ආහාරවලට එළියට දැම්මට පස්සේ ඇතුළට ගිහින් නෑ
04:43
Video thumbnail
අධිකරණ ඇමති ඇවිත් කළබලය ගැන ප්‍රකාශයක් කරන්න - සජිත් බන්ධනාගාරය ගැන කට අරියි
01:20
Video thumbnail
වහලයට නැගපු රැඳවියෝ එකම හඬින් කෑගහලා ඉල්ලන දේ...
00:58
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී - උඩ ඉදන් රැඳවියෝ කෑගහයි
02:07
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී...
00:14
Video thumbnail
නොසන්සුන්වූ කුරුවිට බන්ධනාගාරයේ ඇතුළත දර්ශන - රැඳවියෝ ඇතුළේ ඉදන් අත් වනන හැටි
02:46
Video thumbnail
🔴Breaking News
02:35