කොවිඩ් සමයේ ළමයි හදන්න එපා ද? නැවත ඒ ගැන යළි අනාවරණයක්

කොවිඩ් වසංගත තත්ත්වය පවතින මෙම අවස්ථාවේ දී දරුවන් සාදනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ වෛද්‍යවරු නොව දෙමාපියන් බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පවසනවා.

කෙසේ වෙතත් දරුවන් සාදන්නට එපා යැයි වෛද්‍යවරුන් හට ප්‍රකාශ කිරීමට සිදුවන අවස්ථා ද ඇතැම්විට පවතින බවත්, මෙය එවන් තත්ත්වයක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.

උදාහරණයක් ලෙස න්‍යශ්ටික යුද්ධයක් පැමිණ බිළිඳුන් විකිරණවලට නිරාවරණය වීම වැනි වාතාවරණයක දී ඒ ආකාරයෙන් දරුවන් සෑදීම නොකරන ලෙසට උපදෙස් දිය හැකි බව යි ඔහු පවසන්නේ.

මෙය එවන් තත්ත්වයක් නොවන බවත් එම නිසා මෙම අවස්ථාවේ දී වෛද්‍යවරුන් හට එවැන්නක් ප්‍රකාශ කර නොහැකි බවත් ඔහු අවධාරණය කළා.

එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයේ දී රෝගීන් පරීක්ෂා කිරීමට වෛද්‍යවරු කිසිම අවස්ථාවක දී බිය නොවූ බව ද ඔහු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මෙරට ප්‍රථම සහ නිවුන් දරුවන් බිහි වීමේ සිදුවීම පිළිබඳව තොරතුරු ලබා දීම සඳහා පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එම සය නිවුන් දරු උපත පිළිබඳ ශල්‍යකර්මය මෙහෙයවන ලද්දේ මහාචාර්ය ටිරාන් ඩයස් මහතා විසින්.

කෙසේ වෙතත් පසුගිය දිනක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂ්‍ය වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ප්‍රකාශ කළේ මෙම කොවිඩ් සමයේ දී ගර්භනී වීම වසරකින් වත් පමා කරන ලෙසට යි.

එය මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද වූයේ ඒ පිළිබඳව සමාජ ජාල සහ සමාජය තුළ දැඩි කතාබහක් හට ගැනීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ නවතම තත්ත්තවය මෙන්න
01:41
Video thumbnail
වැඩේ හරියට කරන්න බැරිනම් ගෙදර යන්න - ඇමති විදියට පළවෙනි පාරට බන්ධනාගාරයට ගිහින් තියෙන්නේ ?
09:56
Video thumbnail
හර්ෂණගේ කතාවට අජිත් පී පෙරේරා සැරටම දෙයි
07:13
Video thumbnail
සිරකරුවන් වෙන්න පුළුවන් එයාලා ඉන්නේ රාජ්‍ය භාරයේ - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
05:32
Video thumbnail
අපි උඩ බලාගෙන හිටියේ නෑ - චෝදනාවලට ඇමති උත්තර දෙයි
07:38
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සියල්ල අධිකරණ ඇමති එළියට දායි - ප්‍රහාර යොමු කරලා CCTV කැමරා ටික කඩලා
08:51