කොවිඩ් සමඟ එන, ළමයින්ට බලපාන භයානක රෝගයක් ගැන හෙළිදරව්වක් – වෛද්‍යවරුන් කළ අනතුරු ඇඟවීම මෙන්න

කොරෝනා ආරම්භයේ සිට ජාතික ළමා රෝහල තුළ ළමුන් 490ක් පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බව ජාතික ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.එමෙන්ම කොරෝනා ආරම්භයේ සිට මේ දක්වා ජාතික ළමා රෝහල තුළ කොරෝනා හේතුවෙන් ළමුන් දස දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

ඔහු වැඩි දුරටත් පවසන්නේ දෙමව්පියන් එන්නත ලබා ගත්තත් ඔවුන්ගෙන් දරුවන්ට රෝගය වැලඳීමේ අවදානමක් තිබෙන බැවින් ආත්මාර්ථකාමී නොවී දෙමව්පියන් සහ වැඩිහිටියන් තවදුරටත් ප්‍රවේශම් වෙමින් දරුවන් රැක ගන්නා ලෙසටයි.

කොරෝනා ආසාදන සංකූලතා ලෙස කුඩා දරුවන් රෝග ලක්ෂණ නොපෙන්වා සති දෙකක් පමණ ගත වන විට යම් උණ තත්ත්වයක් ඇතිවී ඇස් රතු වී වමනය යාම ආරම්භ වූ වහාම රෝහල් කරා රැගෙන එන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

මෙම සංකූලතා හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයන් ඉදිමීමකට ලක් වීමට ඉඩ ඇති අතර එවැනි ඉදිමීමට ලක්වීම හේතුවෙන් දැනටමත් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගීන් පස් දෙනකු පමණ ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු කියාසිටියා.

මේ සංකූලතාවයන් නිසා ඇතැම් විට දරුවන් මියයාමට පවා ඉඩ තිබෙන බැවින් දරුවන් වෙනුවෙන් දෙමව්පියන් සහ වැඩිහිටියන් වඩාත් සැළකිල්ලෙන් කටයුතු කල යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී පසුගිය දිනවල ඇතිවූ වැඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් ද ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ රාජ්‍ය නිලධාරින් ලෙස මෙම අර්බුදකාරී අවස්ථාවේ වඩාත් වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි.මේ අවස්ථාවේ කිසිවකුත් වර්ජන ක්‍රියාමාර්ග වෙත යොමු නොවිය යුතු බව සිය පෞද්ගලික මතය බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15