spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“කොවිඩ් සමග ජීවත් වෙන්න” අගමැතිගේ අලුත් තීන්දුව

බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මකව තිබෙන සියලුම කොවිඩ් සීමාවන් ඉවත්කිරීමට එරට රජය තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ ලබන බ්‍රහස්පතින්දා සිට කොවිඩ් සීමාවන් ඉවත්කිරීමට තීරණය කළ බවය.

ඒ යටතේ කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයින් සඳහා පනවා ඇති අනිවාර්ය ස්වයං නිරෝධායන ක්‍රමවේදය සහ නොමිලයේ සිදුකරනු ලබන කොවිඩ් පරීක්ෂණද නවතා දමනු ලබයි.

නොමිලේ සිදුකරන කොවිඩ් පරීක්ෂණ නතර කිරීමට නියමිතව ඇත්තේ ලබන අප්‍රේල් 01වනදා සිටය.

බොරිස් ජොන්සන් අගමැතිවරයා නව ක්‍රමවේදය නම් කර ඇත්තේ “කොවිඩ් සමග ජීවත්වීම” යනුවෙනි.

නමුත් එම තීරණය සම්බන්ධයෙන් විද්‍යාඥයින් සහ විරුද්ධ පක්ෂ දේශපාලනඥයින් වැඩි එකඟතාවයක් නොදක්වයි.

ඔවුන් පවසන්නේ නව කොවිඩ් ප්‍රභේද මතුවන පසුබිමක මෙවැනි තීරණයක් ගැනීම ට ඉක්මන් නොවිය යුතු බවය.

බ්‍රිතානයේ මේ දක්වා කොවිඩ් මරණ 160,000ක් වාර්තා වී තිබේ.

විවේචකයින් පවසන්නේ විවිධ අකටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ජොන්සන්, ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?