“කොවිඩ් සමග ජීවත් වෙන්න” අගමැතිගේ අලුත් තීන්දුව

බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මකව තිබෙන සියලුම කොවිඩ් සීමාවන් ඉවත්කිරීමට එරට රජය තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ ලබන බ්‍රහස්පතින්දා සිට කොවිඩ් සීමාවන් ඉවත්කිරීමට තීරණය කළ බවය.

ඒ යටතේ කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයින් සඳහා පනවා ඇති අනිවාර්ය ස්වයං නිරෝධායන ක්‍රමවේදය සහ නොමිලයේ සිදුකරනු ලබන කොවිඩ් පරීක්ෂණද නවතා දමනු ලබයි.

නොමිලේ සිදුකරන කොවිඩ් පරීක්ෂණ නතර කිරීමට නියමිතව ඇත්තේ ලබන අප්‍රේල් 01වනදා සිටය.

බොරිස් ජොන්සන් අගමැතිවරයා නව ක්‍රමවේදය නම් කර ඇත්තේ “කොවිඩ් සමග ජීවත්වීම” යනුවෙනි.

නමුත් එම තීරණය සම්බන්ධයෙන් විද්‍යාඥයින් සහ විරුද්ධ පක්ෂ දේශපාලනඥයින් වැඩි එකඟතාවයක් නොදක්වයි.

ඔවුන් පවසන්නේ නව කොවිඩ් ප්‍රභේද මතුවන පසුබිමක මෙවැනි තීරණයක් ගැනීම ට ඉක්මන් නොවිය යුතු බවය.

බ්‍රිතානයේ මේ දක්වා කොවිඩ් මරණ 160,000ක් වාර්තා වී තිබේ.

විවේචකයින් පවසන්නේ විවිධ අකටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ජොන්සන්, ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33