කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණ වීමට බලපාන ප්‍රධාන සාධක 4ක්

කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණ වීමට බලපාන ප්‍රධාන සාධක 4ක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මාත්‍රා දෙකකින් සමන්විත ෆයිසර් එන්නත සඳහා තුන්වන මාත්‍රාවක් එක් කිරීමටත් ෆයිසර් සමාගම අවසර ඉල්ලා තිබෙනවා.

කොවිඩ් වෛරසය ගොලීයව ව්‍යාප්ත වීම සඳහා බලපාන ප්‍රධාන සාධක 4ක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර තිබෙනවා.

පළමු කාරණය නම් වෛරසය තමා තුළ තිබීම තුළින් අනෙකාට සම්ප්‍රේෂණය වීමයි.දෙවන කාරණය නම් සමාජයට විවෘත වීම හරහා වෛරසය පැතිර යාමයි. අපි දන්නවා පුද්ගලයින් සමාජයට වැඩිව විවෘත වීම තුළින් වෛරසය විශාල ලෙස සමාජය පුරා පැතිර යන බව. තෙවන කාරණය වන්නේ මහජන සෞඛ්‍ය නිසි ආකාරයෙන් නොපවත්වා ගැනීම සහ නිවැරදි සෞඛ්‍ය චර්යාවල නිරත නොවීමයි. මුව ආවරණ නිරන්තරයෙන් පළඳමින් පුද්ගල දුරස්ථභාවය තබාගනිමින් පිරිස් එක්රැස්වීම අවම කිරීම තුළින් පමණයි වෛරසය මැඩපවත්වාගැනීමට හැකිවන්නේ. ඒ වගේම හැමවෙලේම ඔබේ දෑත් පිරිසිදුව තබාගැනීමටද වගබලා ගත යුතුයි ලොවපුරා රටවල එන්නත් ලබාදීමේ අසමානතාවයද වෛරස ව්‍යාප්තියට හේතුවක්

මේ අතර කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත මාත්‍රා දෙකකින් සමන්විත වන අතර එම එන්නතට තුන්වන මාත්‍රාවක් එක්කිරීමට ෆයිසර්ස මාගම අවසර ඉල්ලා තිබෙනවා.

සමාගමේ ප්‍රධානීන් මේ බව ප්‍රකාශකර ඇත්තේ ඊශ්‍රායලයේ ෆයිසර් එන්නත්ල බාගත් පුද්ගලයින් බහුතරයකට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමෙන්අ නතුරුවයි.

ඒ අනුව තුන්වන මාත්‍රාවක් පිළිබඳව නිර්දේශ ලබාදෙන ලෙස අමෙරිකානු ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලා සිටීමට සැළසුම් කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සංඛ්‍යාව සියයට 80කින් ඉහළගොස් ඇති බවට වාර්තා වනවා.

දිස්ත්‍රික්ක 90කින් වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශකර ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානම තවදුරටත් පවතින බවයි.මේ අතර ඉන්දියාවේ නිෂ්පාදිත සයිඩස් නම් නව එන්නතක් වයස අවුරුදු 12න්පහළ ළමුන් හට ලබාදීමටත් එරට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49