spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැළඳුනු ඉන්දියාවේ දරුවන් අතර පැතිර යන රෝගයක් ලංකාවට පැමිණේ

කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ ළමුන් අතර පැතිර යන රෝගයක් පිළිබඳව පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වුණා.

එම රෝගය මෙරට දරුවන් තුළද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඉන්ද්‍රියයන් ඉදිමීම හෙවත් MISC ලෙස එම රෝගය හඳුන්වන අතර ළමුන්ගේ වකුගඩු ,පෙනහළු සහ මොළයට ඉන් බලපෑම් එල්ල වන බවයි ආනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මෙරට ප්‍රදේශ කිහිපයකදී එම රෝගයට ගොදුරු වූ දරුවන් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ,

*කොවිඩ් සුව වූ පසුත් උණ පැවතීම

*ඇස් රතු වීම

*දිව රතු වීම

*රතු ලප ඇති වීම

*උදාසීනකම

*උදරාබාධ

මෙම රෝග ලක්ෂණ දවස් 14කට පසුත් දරුවන් තුළ පවතීනම් වහාම දැඩිසත්කාර වෙත යොමු කර ප්‍රතිකාර කිරීම සිදු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?