කොවිඩ් වැළඳුණු දරුවන් 5000කින් එක් අයෙකුට, සිදුවන බවට හෙළිවූ දේ

කොවිඩ් වෛරසය ආසාදිතව සුවය ලැබූ දරුවන්ගෙන් 5000කින් එක් අයකුට MIS-C හෙවත් බහු පද්ධති සංකූලතා රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ අවධාරණය කරනවා

කොවිඩ් වෛරසය පැතිරයෑමේ වැඩිවීමත් සමඟම යම් ප්‍රමාණයකට මෙම රෝගයද පැතිර යෑමේ ප්‍රවණතාවක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා දිනපතා පළවන පුවත්පතකට පවසා තිබෙන්නේ

කොවිඩ් රෝගය හේතුවෙන් මේ වනවිට ළමා රෝහලේ දරුවන් 10ක් පමණ මියගොස් ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ, උදරය ආශ්‍රිත අසාමාන්‍ය සංකුලතා මතුවීම සහ විශාල ප්‍රමාණයේ කුෂ්ට ඇති වීම බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා

ශ්වසන රෝග සහ පාචනය මේ කාලයේ බහුලව දරුවන් අතර පැතිර යන අතර මෙම රෝගී තත්ත්වයද පැතිර යෑමේ අවදානමක් පැවතිය හැකි බවයි මහාචාර්ය පූජිත වික්‍රමසිංහ පවසන්නේ

එම නිසා ප්‍රමාද නොකර දරුවාව රෝහලකට ගෙන ගොස් සායනික හඳුනාගැනීම් සිදුකිරීමට ඉදිරිපත් වන ලෙසත්, මේ වෙලාවේ එය ඉතා වැදගත් ක්‍රියාවක් බවත්, විශේෂඥ වෛද්‍ය වික්‍රමසිංහ අවධාරණය කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39