04 වැනි කොවිඩ් එන්නත් මාත්‍රාවක් මෙරට තූල ලබාදිමේ තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියා.
එමෙන්ම යම් අයෙක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස තහවුරු වී දින 07 කට පසු රෝග ලක්ෂණ නොමැතිව සුවය ලබා ඇතිනම් ඔහුට රැකියා ස්ථාන වෙත වාර්තා කිරීමේ හැකියාව පවතින බවයි රංජිත් බටුවන්තුඩාව මහතා අවධාරණය කළේ.










