කොවිඩ් වැලඳුනු දරුවන්ට තවත් රෝගයක්

කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙයි. 

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 – 6ක් පමණ කාලයක් ගතවන විට එම නව රෝගී තත්ත්වය දරුවන් තුළ හට ගන්නා බවය.

එම රෝගී තත්ත්වයට දරුවන් නොදැනුවත්ව ම ගොඳුරු වී සිටිම එහි ඇති බරපතළ තත්ත්වය වන බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය.

මේ වන විට එම රෝගී තත්ත්වයට පත්වු වයස අවුරුදු 8 ත් 15ත් අතර වු දරුවන් 6 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා කියා සිටියේය.

උණ, දැඩි ඇඟේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයක් හට ගැනීම එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන බවත් එහි භයානක තත්ත්වය වන්නේ හෘද වස්තුවට බලපෑම් කර රුධිර පීඩනය අඩුවීමෙන් දරුවා මියයෑම බව ද වෛද්‍යවරයා පැවසීය.

මෙය අලුත් රෝගී තත්ත්වයක් වන බවත් මෙය 2020 අප්‍රේල මාසයේ දී එංගලන්තයේ දී හඳුනාගත් බව ද පැවසු වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා, ඉහත දැක්වු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා බවත් සඳහන් කළේය.

”මෙය ඉතා භයානක තත්ත්වයක්. ඇමරිකාව, එංගලන්තය වැනි රටවලිනුත් මෙය වාර්තා වෙලා තියෙනවා. එම රටවල දරුවන් මේ රෝගී තත්ත්වය නිසා මිය ගොස් තිබෙනවා. ලංකාවෙත් දැන් එය  තිබෙනවා. දැනට හමුවෙලා තිබෙන රෝගී දරුවන් 06 දෙනා කොළඹ අවට ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙන්නේ. වැලිමඩ ප්‍රදේශයෙනුත් එවැනි රෝගී දරුවෙක් හමුවුණා. එම දරුවා බදුල්ල රෝහලට යොමුකර ප්‍රතිකාර ලබා සුවය ලබා තිබෙනවා. අපි විශ්වාස කරනවා මෙම තත්ත්වය රට පුරා ව්‍යාප්ත වෙලා ඇති කියලා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53