කොවිඩ් වැලඳී සුවය ලැබූ මව නිවසට ගැනීම ප්‍රතික්ෂේප කරයි

කොවිඩ් ආසාදිතව බෙන්තර, ගුණසේකර අනුස්මරණ රජයේ රෝහලේ ස්ථාපිත කොවිඩ් ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවසකරා යොමු කළ බලපිටිය ප්‍රදේශයේ වයෝවෘද්ධ මවකට යළි එම රෝහලටම පැමිණීමට සිදුව තිබුණි.

ඒ ඇයගේ පවුලේ සාමාජිකයින් ඇයව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

ඒ අනුව අදාළ මවට මේ වනවිට සිදුව ඇත්තේ කොවිඩ් අවදානම මධ්‍යයේ එම රෝහලේම රැඳීසිටීමටය.