spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මාරයා නැවතත් හිස ඔසවයි

ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය ඇමැති ජෙන්ස් ස්පාන් ප‍්‍රකාශ කර තිබේ.

ඉකුත් සෙනසුරාදා (23) දිනයේදී ජර්මනියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 16,145 දෙනකු වන අතර මෙය ඉකුත් මැයි මස මැදභාගයෙන් පසු එරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සේ සැලකේ.

කොරෝනා වසංගතය නැවත හිස එසවීම හේතුවෙන් ලබන මස 25 වැනිදා අවසන් වීමට නියමිතව ඇති කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති හදිසි නීතිය නැවත දීර්ඝ කරන ලෙස විවිධ අංශවලින් ජර්මන් රජයට බලපෑම් එල්ල වෙමින් පවතී.

නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට අනුව ඉකුත් සති දෙකක කාලය තුළදී ජර්මනියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 57 කින්ද කොරෝනා මරණ සංඛ්‍යාව සියයට 11කින්ද වැඩි වී තිබේ.

යම් හෙයකින් ලබන මස 25 වැනිදා වන විට හදිසි නීතිය දීර්ඝ නොකළහොත් වැඩි වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පාලනය කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ගයන් පිළිබඳව ජර්මනියේ ප‍්‍රාන්ත 16 ම බලධාරීන් විසින් මෙම දිනවල සාකච්ජා පවත්වමින් සිටින බව වාර්තා වී තිබේ.

ජර්මනියේ ජනගහනයෙන් සියයට 66ක්ම සම්පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා ගෙන ඇති බව හෙළි වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?