කොවිඩ් මාරයා නැවතත් හිස ඔසවයි

ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය ඇමැති ජෙන්ස් ස්පාන් ප‍්‍රකාශ කර තිබේ.

ඉකුත් සෙනසුරාදා (23) දිනයේදී ජර්මනියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 16,145 දෙනකු වන අතර මෙය ඉකුත් මැයි මස මැදභාගයෙන් පසු එරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සේ සැලකේ.

කොරෝනා වසංගතය නැවත හිස එසවීම හේතුවෙන් ලබන මස 25 වැනිදා අවසන් වීමට නියමිතව ඇති කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති හදිසි නීතිය නැවත දීර්ඝ කරන ලෙස විවිධ අංශවලින් ජර්මන් රජයට බලපෑම් එල්ල වෙමින් පවතී.

නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට අනුව ඉකුත් සති දෙකක කාලය තුළදී ජර්මනියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 57 කින්ද කොරෝනා මරණ සංඛ්‍යාව සියයට 11කින්ද වැඩි වී තිබේ.

යම් හෙයකින් ලබන මස 25 වැනිදා වන විට හදිසි නීතිය දීර්ඝ නොකළහොත් වැඩි වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පාලනය කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ගයන් පිළිබඳව ජර්මනියේ ප‍්‍රාන්ත 16 ම බලධාරීන් විසින් මෙම දිනවල සාකච්ජා පවත්වමින් සිටින බව වාර්තා වී තිබේ.

ජර්මනියේ ජනගහනයෙන් සියයට 66ක්ම සම්පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා ගෙන ඇති බව හෙළි වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12