කොවිඩ් මරණ නොමිලේ ආදාහනය බැහැ

කොරෝනා වසංගතයෙන් මියයන අයගේ මෘත ශරීර නොමිලේ ආදාහනය කිරීමට රජය තීරණය කළද එම වසංගතය නිසා ආදායම් අඩු වී ඇති සභාවක් ලෙස කොවිඩ් මෘත ආදාහනාගාරය කිරීමේදී එම පවුල්වලින් මුදලක් අය කිරීමට පෙ​රේදා (17 වැනිදා) රැස්වූ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී ඒකමතිකව තීරණය කෙරිණි.

සභාපති සුදත් දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් එම මාසික සභා රැස්වීම පැවැති අතර ඔහු විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කළේය. පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරු විසින් යෝජනාව ඒකමතිකව සම්මත විය.

තම බල ප්‍රදේශයේ සෑම පවුලක්ම මරණාධාර සමිතිවල සාමාජිකත්වය ලබා ඇති හෙයින් කොවිඩ් මරණයකදී වුවද අදාළ සමිතිවලින් සාමාජික මරණයකදී මුදල් ගෙවන නිසා තම සභාව කොවිඩ් මරණ ආදාහනයකදී මුදලක් අය කිරීම සාධාරණ බවද මෙහිදී සභාපති සුදත් දේශප්‍රිය කියා සිටියේය.

දෙහිඅත්තකණ්ඩිය සභා බලප්‍රදේශයේ සිදුවූ කොවිඩ් මරණ 14න් 9ක්ම සභාව මගින් නොමිලේ ආදාහනය කළද ඉන් කිසිදු මුදලක් අය නොවුණ බව පෙන්වා දුන් සභාපතිවරයා මේ වනවිට කොරෝනා රෝගීන් 1800කට වැඩි ප්‍රමාණයක් ප්‍රදේශයෙන් වාර්තා වී තිබීමත් ඔවුන්ගෙන් වැඩිදෙනකු අසාධ්‍ය තත්ත්වයේ සිටීම අති භයානක බවද කියා සිටියේය.

රෝගීන් හා කාර්ය මණ්ඩල ප්‍රවාහනය, රෝගීන් වෙනත් රෝහලකට මාරු කිරීම සහ කොවිඩ් රෝගීන් රැගෙන ඒම සහ මෘතශරීර ආදාහනාගාරය වෙත රැගෙන ඒමට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල සඳහා ඇත්තේ එක් ගිලන් රථයක් බැවින් ඊට රජයේ අවධානය යොමුකර විකල්ප විසඳුමක් ලබාදෙන ලෙසද දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කළහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46