කොවිඩ් මරණ දත්ත ගැන ජනපතිගෙන් විවේචනයක්

මියගිය අයගේ පවුල්වල සමීපතමයින් මුහුණදෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩ් නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදුකිරීමට අනුමැතිය දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කර තිබේ.

ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

කෙසේ නමුත් පසුව එම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මඟින් නැවත පුළුල් විමර්ශනයක් කර දත්ත ලබාගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය වු ජනාධිපතිවරයා පැවසීය.

තමා මේ පිළිබඳ සොයා බලා දැනුවත් වු නමුත් රූපවාහිනිය ඉදිරියේ කථා කරන නිලධාරීන් මේ පිළිබඳ දැනුවත් නොවීම විශාල ගැටලුවක් බවත්, නිවැරදි දත්ත විශ්ලේෂණය නොකිරීම බරපතළ ගැටලුවක් බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

“ජූනි 14 අරින්න හිටියා. එකපාරටම 11 වෙනිදා 101 දෙනෙක් මැරුණා කියලා ආවා. මේක ඇහුවහම හැමෝම බයවෙනවා නේ. බුද්ධි අංශයට කිව්වා ගෙයින් ගෙට ගිහින් මේ ගැන හොයලා දෙන්න කියලා. ජූනි 11 මැරුණහම 10 වෙනිදා රාත්‍රී 12 ඉදලා 11 වෙනිදා රාත්‍රී 12 දක්වා නේ වාර්තා කරන්න ඕනේ. එදා වාර්තා කළ පළමු එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරී මාසේ 6වෙනිදා. ආදාහනය කරලා තියෙනවා එදිනම. මරණ සහතිකයකුත් දීලා තියෙනවා. ඊළඟ කෙනා අවුරුදු 67යි. හෝමාගම එක්කෙනෙක්. මෙයා මරණයට පත්වෙලා තියෙන්නේ අප්‍රේල් 1 වන දා. වාර්තා කරන්නේ ජූනි 11වෙනදා. 9වෙනි පුද්ගලයාත් 10 වෙනි පුද්ගලයාත් එක්කෙනාමයි. ඒකත් මේ 101කට අයිතියි. මම මේක බැලුවට ටීවි එකට කතා කරන එක්ස්ප්‍රට්ලා දන්නේ නෑ නේ. මම කිව්වා මේක හරි තැන්වලට දාන්න කියලා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23