කොවිඩ් පාලනයට යළිත් සංචරණ සීමා?

දෛනික ආසාදිතයින් ඉහළයෑමත් සමග යළිත් රට තුළ සංචරණ සීමා පැවවීමක් සිදුවෙයිද යන්න බොහෝදෙනා තුළ මේ වනවිට පැනනැගී ඇති ප්‍රශ්නයකි.

ඊයේ (22) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළේය. 

“දැන් රෝගීන්ගේත් වැඩිවීමක් වාර්තා වෙනවා. රට සම්පූර්ණයෙන්ම ඇරලා තියෙන්නේ. රටේ ජනතාවගෙන් ඉල්ලනවා වගකීමෙන් වැඩ කරන්න කියලා. ඉස්සරහට මම හිතන්නේ නෑ.. සංචරණ සීමා දාපු රටවල්, ඔස්ට්‍රේලියාව සංචරණ සීමා දැඩි ලෙස දැම්මා. එත් ඔස්ට්‍රේලියාවෙත් රෝගීන් වැඩිවීමක් වාර්තා වෙනවා.” 

“සංචරණ සීමා දාන එක මම හිතන්නේ එක අපි මුලින්ම නෙමේ. මුලින්ම අපි එන්නත දීලා තියෙනවා. ලංකාවේ ජනගහනය 63%කට මාත්‍රා 2 දීලා තියෙනවා. බූස්ටර් එක ලබාගෙන තියෙන්නේ 23%යි.” 

“අපි වැඩි වෙනකම් ඉන්නේ නැතුව මේක ගන්න ඕනේ. බූස්ටර් එක ලබාගෙන නැතිනම් බූස්ටර් එක ලබා ගන්න.”  

“ඒක ගන්නේ නැතුව මේ සංචාරකයින්ට දොස් කියන්න බෑ. අපි අපිම ආරක්ෂක පියවරවල් අනුගමනය කරන්නේ නැති බව තමයි පෙන්න තියෙන්නේ. මේ එන්නත් පිළිබඳවත් වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් කිසිම දැනුමක් නැති අය එන්නත පිළිබඳව විවිධ මත පළ කරනවා.”

“අපි මහජනතාවගෙන් ඉල්ලනවා විශ්වාසනීය කෙනෙකුගේ තොරතුරු පදම් කරගෙන තීන්දු තීරණ ගන්න. එක එක්කෙනා කියන තීන්දු තීරණවලට රැවටෙන්න එපා. ඔවුන් ඒ පිළිබඳ විශේෂඥවරු නෙමේ.” 

“නීතිඥවරුත් දැන් එන්නත ගැන මත පළකරනවා. දැන් මට බෑනේ නීතිය ගැන මත පළ කරන්න. මම දන්නේ නෑ.. මම ඉගෙනගෙන තියෙන්නේ වෛද්‍ය විද්‍යාව ගැන.” 

“ඒ නිසා එහෙම නොවන අය පළ කරන මත පිළිබඳව දෙපාරක් හිතලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥවරුගෙන්ගේ තොරතුරු අරගෙන තීන්දු තීරණ ගන්න කියලා ඉල්ලනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04