කොවිඩ් පාලනයට මන්ත්‍රී වැටුප පරිත්‍යාග කළ මන්ත්‍රී ලැයිස්තුව මෙන්න

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම මස වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩාවිඳින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබාගැනීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ඊයේ (22) දිනයේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගත් බවය.

ඒ අනුව විශේෂ අරමුදලක් පිහිටුවා එම අරමුදලට සියලු මන්ත්‍රීවරුන්ගේ මුදල් බැරකර කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය රෝහල් උපකරණ ලබාගැනීමට පියවරගන්නා බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම මස වැටුප ද සෞඛ්‍ය අංශවලට පිරිනැමීමට එම පක්ෂය තීරණය කර තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ජනතාවට කැපවීම් කිරීමට සූදානම් වන ලෙස කළ ඉල්ලීම පිළිගනිමින් මෙම තීරණය ගත් බවය.

ඊට අමතරව කොවිඩ් වසංගතය අවසන් වන තෙක් සිය මන්ත්‍රී වැටුප හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ අතර අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, එස්. එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්වරුන් ද මෙම මස වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මේ අතර ආණ්ඩුවේ තීරණ ගැනීමේ දුර්වලතාවය කොවිඩ් මරණ වැඩිවීමට හේතු වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02