spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් නොවේ හැකිනම් කොකේන් පරීක්ෂාවකට එන්න

කොවිඩ් පරීක්ෂණයට පළමුව හැකි නම් කොකේන් පරීක්ෂාවකට එන්නැයි හරීන් ප්‍රනාන්දු ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායමට තමා අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) පැවැසීය.

ඒ සඳහා තමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එකඟ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ විතානගේ මන්ත්‍රීවරයා මෙසේද කීය.

ජනාධිපතිතුමා කවදාවත් අනුන්ගේ පවුල් කඩාකප්පල් කරලා නෑ. අනුන්ගේ පවුල්වලට හොටදාලා නෑ. අනුන්ගේ පවුල් අරගෙන රටරටවල්වලට පැනලා ගිහිල්ලා නෑ. කවදාවත් අනුන්ගේ පවුල්වලට එඹිකම් කරපු නැති හොඳ නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා.

අපි නයිට් ක්ලබ් ගිහිල්ලා කොකේන් ගැහුවේ නෑ. විශේෂයෙන්ම මේ කොරෝනා පරීක්ෂාව නෙවෙයි කරන්න ඕනා.

කොකේන් ටෙස්ට් එකයි. හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ කණ්ඩායමට ඉල්ලා සිටිනවා. එන්න කොකේන් පරීක්ෂාවට ඉදිරිපත් වෙන්න කියලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?