කොවිඩ් සීමා පනවා ඇති අවස්ථාවේ තමා වෙනුවෙන් සංවිධානය කර තිබූ උපන්දින සාදයකට සහභාගිවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට එරෙහිව දඩ නියමකර ඇති බව වාර්තා වෙයි.
අගමැති කාර්යාලයේ ස්ථාපනය කර ඇති කැබිනට් කාර්යාලයේදී 2020 ජූනි 19 වනදා එම සාදය පවත්වා තිබුණි.
අදාළ දඩ පත්‍රිකාව පොලීසිය විසින් ඔහු වෙත නිකුත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
චාන්සලර් රිශී සුනැක් සහ අග්‍රාමාත්‍ය බිරිඳට ද පොලීසියෙන් දඩ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.













