’කොවිඩ්’ නීති කඩකර ක්ලබ් ගිය අග්‍රාමාත්‍යට වැඩ වරදින ලකුණු

‘කොවිඩ් 19’ වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති නීති කඩ කළේ යැයි ෆින්ලන්ත අග්‍රාමාත්‍ය 36 හැවිරිදි සන්නා මරීන්ට චෝදනා එල්ල විය.

අග්‍රාමාත්‍යවරියට චෝදනා එල්ල වූයේ ඇය ‘කොවිඩ් 19’ ආශ්‍රිතයකු බව දැනගෙනත්, සෞඛ්‍ය නීති කඩ කරමින්, රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝද වූ බවටය. එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මරීන්, ෆින්ලන්ත වැසියන්ගෙන් සමාව ඉල්ලීමක් ද කළාය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව ද වන මරීන්, ‘කොවිඩ් 19’ සමීප ආශ්‍රිතයකු බවට පත් වූයේ, විදේශ අමාත්‍ය පෙකා හවිස්තෝ ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟය. පෙකා හවිස්තෝ ආසාදිතයකු බව තහවුරු වීමට පෙර ඔහු සමීපව ඇසුරු කළේ අග්‍රාමාත්‍යවරිය යැයි සෞඛ්‍ය අංශ හඳුනා ගෙන තිබුණි.

ඒ අනුව, රටේ සෞඛ්‍ය නීතී අනුව, ‘කොවිඩ් 19’ හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරික්ෂණයක් සිදු කර ගන්නා ලෙසත් එහි ප්‍රතිඵල ලැබෙන තුරු හුදෙකලා වී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ, අග්‍රාමාත්‍යවරියගේ රාජකාරි ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් යවා දන්වා ඇත.

චෝදනා එල්ල වූයේ අග්‍රාමාත්‍යවරිය එම පණිවුඩය නෙසලකා යෙහෙළියන් පිරිසක් ද සමඟ හෙල්සින්කි අගනුවර සමාජ ශාලාවකට ගොස් විනෝද වූ බවටය. සමාව ඉල්ලමින් සිදුවුණේ කුමක්දැයි පැහැදිලි කිරීමට ද අගමැතිනිය කටයුතු කළාය.

‘කෙටි පණිවුඩය ලැබෙද්දී, මා ළඟ මගේ රාජකාරී ජංගම දුරකතනය තිබුණේ නැහැ. ඒ වනවිටත් මා යෙහෙළියන් සමඟ නිවසින් පිටවී ගොස් තිබුණා. මා පණිවුඩය දැක්කේ යළි නිවසට ආ පසුවයි. එවිට මා වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමු වුණා. එහිදී තහවුරු වුණා මා ආසාදිතයකු නොවන බව. ඒත්, කොවිඩ් 19 පාලනයට සෞඛ්‍ය අංශ පනවා ඇති නීති මා උල්ලංඝනය කළා. එය හිතාමතා කළ දෙයක් නොවෙයි. ඒත් මා එසේ කළා. ඒ ගැන මා සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා’ යැයි අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.

image ab0f2b5137

(ඒ.එෆ්.පී.)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14