කොවිඩ් නිසා පාසැල් යලි වසා දැමීමේ අවදානමක්

පාසල් තුළ පාලනය කළ නොහැකි මට්ටමින් කොරෝනාවෛරසය පැතිර යාමක් සිදුවුවහොත් පාසල් වසා දැමීමට අවශ්‍ය නිර්දේශ ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මේ හේතුවෙන් මවුපියන් අනිසි බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සංගමය සඳහන් කර සිටින්නේ.

“රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේදී පවතින දුර්වලතා නිසා මේ වනවිට ආසාදිතයන් වැඩි වෙමින් පවතිනවා. මින් ඉදිරියට මේ රැල්ල හතර වැනි කොවිඩ් රැල්ල දක්වා පරිවර්තනය කර නැවත වරක් ව්‍යසනයක් ඇති කරගෙන රට වසා දමලා අධ්‍යාපන ආයතන වසා දමනවා ද කියන තීරණය තියෙන්නේ මහජනතාවගේ අතේ. ඒ නිසා මහජනතාව ඉතා දැඩිව සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් අපට මේ තත්ත්වය ඉදිරියේදී පාලනය කරගත හැකි වෙයි. නමුත් දැනට හැසිරෙන ආකාරයට පාලනයකින් තොරව සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කළොත් නැවත වරක් හතර වන රැල්ලක ආනිශංස අපට විඳින්න වෙන එක ඉතාම පැහැදිලියි.

දරුවන් පාසල තුළට ඇවිල්ලා ආසාදිතයන් විධියට හමුවෙන්න පුළුවන්. නමුත් මවුපියන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ඒ හැම සිදුවීමක් ම අපි ඉතා දැඩිව අධීක්ෂණය කරනවා. පරීක්ෂා කරලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා. යම් හෙයකින් පාසල් තුළ පාලනය කරගත නොහැකි මට්ටමින් මේ කොවිඩ් රෝගීන් පැතිරුණොත් දරුවන් අවදානමකට පත්වුණොත් අවශ්‍ය නිර්දේශ අපි ලබාදෙනවා පාසල් වසා දමන්න.

ඒ වගේ ම, ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරනවා ඕනෑ ම අවස්ථාවක පාසල් තුළ අවදානමක් ඇති වුණොත් එම පාසල් වසාදැමීම පිළිබඳව කටයුතු කිරීමට. එනිසා මවුපියන් මේ මොහොතේ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46