කොවිඩ් නිසා දැඩි අවදානමකට ලක්ව සිටි ” තෝර්” දැන් කරන දේ

කොවිඩ් ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි දෙහිවල සත්වෝද්‍යානයේ ” තෝර්” නැමැති සිංහයා සුවය ලබා ඇවිද යාමටද පටන් ගෙන ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය කාලයේ කොවිඩ් ආසාදනය වීමෙන් “තෝර්” ගේ ජීවිතය දැඩි අවදානමකට ලක්ව තිබුණා.

කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණු කොටියාගේ තත්ත්වය ද සාමාන්‍ය අතට හැරී ඇති බවයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.