කොවිඩ් දෙවැනි රැල්ලේ ආසාදිත වෛද්‍යවරු 100කට ආසන්නයි – GMOA

කොවිඩ් දෙවන රැල්ල ඇතිවීමෙන් පසුව වෛද්‍යවරුන් 100කට ආසන්න ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ මේ වනවිට වෛද්‍යවරුන් 40 දෙනෙක් පමණ ප්‍රතිකාර ලබන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“දෛනිකව රෝගීන් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම ඉදිරි සති දෙකක කාලය තුළ දෛනිකව වාර්තා වන මරණ ගණන ගැන අපිට කතා කරන්නට වෙනවා. එයින් කියවෙන පණිවිඩය තමයි අපේ පොසිටිව් රේට් එක 5.5 පැනලා තියෙන්නේ. දැන් මාසයකට කලින් තිබුණේ 3% මට්ටමක. අපි අවදානම් කඩඉම පැනලා ඉවරයි. දවස ගාණේ රෝගීන් වාර්තා වෙනවා මූලාශ්‍රයක් සොයා ගත නොහැකි. බිම් මට්ටමේ යතාර්ථය තමයි සමාජ ව්‍යාප්තිය. ප්‍රයෝගික යතාර්ථය තමයි සමාජ ව්‍යාප්තිය. ඒ නිසා ඉතාම පැහැදිලිව මේ සත්‍යයට මුහුණදීලා අපි ඉදිරියට ගමන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දවස ගාණේ අපේ පද්ධතියට එකතුවෙනවා කොවිඩ් පොසිටිව් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්. වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු මේ සියලුදෙනා අද වන විට ආසාදිකයන් වෙමින් සිටිනවා. දෙවෙනි රැල්ල තුළ විතරක් 100කට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. මේ මොහොතේ දී විතරක් වෛද්‍යවරුන් 40කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා ආසාදිතයින් බවට පත්වෙලා. මේ මොහොතෙදි විතරක් ඒ අයගේ ආශ්‍රිතයන් 200ක් විතර ඉන්නවා. රෝගීන් එනකොට අසාමාන්‍ය ඉහළ ප්‍රමාණවලින් ලබන මාසේ මැද වෙනකොට කවුද අය ප්‍රතිකාර ලබන්නේ. ඒ අයට ප්‍රතිකාර කරන්න වෛද්‍ය කාර්ය මණ්ඩලක් ඉතුරුවෙයිද? එක පැත්තකින් ලෙඩවෙලා රෝහල්වල වෛද්‍යවරු. අනෙක් පැත්තෙන් ඒ වෛද්‍යවරු ආශ්‍රය කරපු අය නිරෝධායනවෙලා නිවෙස්වල.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33