කොවිඩ් තෙවැනි රැල්ලේ මරණ ගණන ඉහළ ට

කොවිඩ් තුන්වන රැල්ලේ සමස්ත මරණ ගණන දින 25ක් තුළ 200 සීමාවට ළඟා වී තිබෙන බව දත්ත දෙස බැලීමේදී පෙනීයයි.

දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (10) වාර්තා වූ අතර මාස 03ක බිළිඳියක්ද ඒ අතරට අයත් විය.

පළමු කොවිඩ් රැල්ලේ මුල් දින 25 තුළ ආසාදිතයින් 166 දෙනෙකු වාර්තා වෙද්දී සිදුව තිබූ මරණ ගණන 05කි.

දෙවන කොවිඩ් රැල්ලේ මුල් දින 25 තුළ ආසාදිතයින් 5803 දෙනෙකු වාර්තා වෙද්දීත් එම කාලය තුළ මරණ සිදුව තිබුණේ 06ක් පමණි.

නමුත් තුන්වන කොවිඩ් රැල්ලේ මේ වනවිට ගතවී ඇති දින 25ක කාලය තුළ ආසාදිතයින් 32,344 දෙනෙකු වාර්තා වෙද්දී කොවිඩ් මරණ 194 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව ආසාදිතයින්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළයාම ඉදිරි සති කිහිපය සම්බන්ධයෙන් භයානක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අතරවාරයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවත් ඊයේ (10) වාර්තා විය.

එම ගණන 26කි.

කොළඹින් 08ක්, කළුතරින් 06ක් ,ගම්පහ, ගාල්ල, මහනුවර හා යාපනය දිස්ත්‍රික්කවලින් 02 බැගින් මෙන්ම අනුරාධපුරය, කුරුණෑගල, නුවරඑළිය හා මාතර දිස්ත්‍රික්කවලින් එක් මරණය බැගින්ද ඊයේ වාර්තා වුණි.

ඒ අතරට වත්තේගම ප්‍රදේශයේ මාස 03ක් වයසැති බිළිඳියකද විය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම බිළිඳිය පසුගිය 09 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර කොවිඩ් නියුමෝනියාව සමග බහු ඉන්ද්‍රිය අක්‍රීයවීම මරණයට හේතුව ලෙස සඳහන් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28