කොවිඩ් තත්ත්වය ගැන යුද හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තවමත් රට තුළ කොවිඩ් වසංගතය පවතින බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (01) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී රණවිරුවන් ට බූස්ටර් එන්නත ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් යුද හමුදාපතිවරයා එම අදහස් පළ කළේය.

වර්තමානයේ තිබෙන තත්ත්වය උදාකර ගනු ලැබුවේ ද ජනතාව බොහෝ කැපකිරීම් සිදුකර බව පැවසු යුද හමුදාපතිවරයා, ජනතාව බුද්ධිමත්ව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී කොවිඩ් ආසාදිතයින් යළි ඉහළ යා හැකි බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“රටේ ජනතාව බොහෝ කැපකිරීම් කරලා තමයි මේ තත්ත්වය වුවත් අපට ලබාගැනීමට හැකි වුණේ. රටේ ජනතාව කොහොමත් බුද්ධිමත්. ඔවුන් ක්‍රියාකරපු විදියට තමයි මේ තත්ත්වයට හෝ පාලනය කරගැනීමට හැකි වුණේ. මේ වන විට රටේ ජනතාවගෙන් බහුතරයකට එන්නත් මාත්‍රා 2කම ලබාදීලා තියෙනවා වයස අවුරුදු 16ට වැඩි හා සියලුදෙනා මාත්‍රා එකක් හෝ ලබාදීලා තියෙනවා. මෙවැනි පසුබිමක් යටතේ කොවිඩ් ආසාදිතයින් 500ක් 600ක් හමුවන පසුබිමක දී අනිවාර්යයෙන් ම බුද්ධිමත්ව රටේ ජනතාව ක්‍රියාකළ යුතුව තිබෙනවා. එසේ නොවුණහොත් ඉදිරියේ දී මෙම කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමට පවා හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ම ඊයේ දිනයේ දී පළාත් අතර සංචරණ සීමාවන් මාස කිහිපයකට පසුව ඉවත් කරනු ලැබුවා. රටේ ජනතාවගේ පැත්තෙන් හිතලා විශේෂයෙන් ම සහනයක් වශයෙන් විවිධ සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. නමුත් ඒවා ඉවත් කිරීම කිසිසේත් ම කොවිඩ් රටෙන් ඉවත් වූ බවට සහතිකයක් නෙමෙයි. ඒ නිසා කොවිඩ් රටේ තිබෙන නිසා ආසාදිතයින් දිනපතා හමුවන නිසා රටේ ජනතාව බුද්ධිමත්ව සෑම අවස්ථාවකම අනිවාර්යයෙන් ම මුඛ ආවරණයක් පැලඳ නිවෙස්වලින් පිටතට පැමිණීම වැදගත් වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14