කොවිඩ් එන්නත ලබාගත් 49 දෙනෙක් කොරෝනා වෙන්ම මරුට

එන්නත් ලබාගත් පුද්ගලයන් 49දෙනකු කොවිඩ් ආසාදනය වී මේවනවිට මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් නවදෙනකු හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් 40දෙනකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරයි.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය නවදෙනාගේ වෙනත් සංකූලතාද මරණයට හේතු වී ඇති බව මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඒ අතරින් ප්‍රධානම හේතුව නම් බෝ නොවන රෝගයක් ලෙස හඳුනාගෙන ඇති ‘දියවැඩියා’ රෝගයයි. කොවිඩ් මරණ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී මරණකරුවන්ගෙන් තුන්දහස් පන්සිය විසිහතරක් (3524) එන්නත ලබානොගෙන සිටි බව අනාවරණය වී තිබේ.

මරණවලින් 70ක ප්‍රතිශතයක් ලෙස එය හඳුනාගෙන ඇත. කඩිනමින් එන්නත්කරණය මරණ වළක්වා ගැනීමට ඇති එකම විසඳුම බවද ඔහු අවධාරණය කර සිටියේය.

උදයජීව ඒකනායක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56