කොවිඩ් ආසාධනය වී පාසල් දැරියක් මරුට….

පාසල් දැරියක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇතැයි වාර්තා වේ.අද (31) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපිට ඊයේ දිනයේ දී වාර්තා වුණා, මහරගම ප්‍රදේශයෙන් අවුරුදු 11ක පමණ ගැහැණු දරුවෙක් කොවිඩ් ආසාදිතව මියගිය බවට. සම්පූර්ණ තොරතුරු අපිට තාම ලැබුණේ නෑ. යම්කිසි ප්‍රමාණයකට තරබාරු දරුවෙක් බවට තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් අපි කරුණු සොයාගෙන යනවා.

අපි කාරුණිකව ඉල්ලා සිටිනවා දෙමාපියන්ගෙන් තවමත් අවුරුදු 12ට අඩු පිරිසට එන්නත ලබාදෙන්නේ නෑ. එම දරුවන් මේ වනවිට පාසල් යනවා. රට විවෘතව පවතිනවා. දරුවන්ගේ යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවට රැගෙන ගොස් වෛද්‍ය උපදෙස් මත පමණක් නිවෙස්ගත ප්‍රතිකාර කරන්න. ඒ මාරවිල අපි හිතන්නේ, රෝහලට ඇතුළත් කර එක දිනක් ඇතුළත මියගොස් තිබෙනවා. පුළුවන් තරම් ඉක්මනින් රෝහල්ගත වෙන්න පුළුවන් නම්, ඒ වෛද්‍යවරු පරීක්ෂා කර බලලා තීරණය කරයි නිවෙස්ගත ප්‍රතිකාර ද නැතිනම් සංකූලතා තියෙනවා නම් යම් ප්‍රතිකාර ලබාදීම සඳහා. කිසිම කෙනෙක් රෝහලට යන්න බයවෙන්න එපා. රෝහල් පරිසරය ඉතාම සුරක්ෂිතව සුදානම් කරලා තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30