කොවිඩ් ආසාදිත සේවකයෙකු නිසා සුරතල් සතුන්ට අත්වූ ඉරණම

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හොංකොං හි සුරතල් සතුන් 2,000 ක් මරා දැමීමට එරට සෞඛ්‍ය අංශ තමන්ට උපදෙස් ලබා දී ඇතැයි හොංකොං කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හොංකොං නුවර, සුරතල් සතුන් අලෙවිසැලක, අලෙවියට තැබූ හැම්ස්ටර් මීයකුට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ අනුව සුරතල් සතුන් 2,000 ක් මරා දැමීමට සෞඛ්‍ය අංශ තීරනය කර ඇත.

එම හැම්ස්ටර් මීයාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ වෙළෙඳසැලේ සේවකයකුගෙනි. එම සේවකයාට ආසාදනය වූයේ කොවිඩ් “ඩෙල්ටා විකෘතිය” යැයි පසුව අනාවරණය වි තිබේ.

මෙම හැම්ස්ටර් සතුන් නෙදර්ලන්තයේ සිට හොංකොං බලා රැගෙනවිත් ඇත. මෙම ආසාදිත හැම්ස්ටර් සත්වයා ඇතුළු සෙසු හැම්ස්ටර් සතුන් 2,000 ක් මරා දැමීමට සිදුවනු ඇති බව හොංකොං කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැහැදිලි කර තිබෙන බව ද එම වාර්තා සදහන් කලේ.

කොරෝනා වෛරසය පැතිරීම සඳහා සතුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවක් නොපෙනෙන බව එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන වාර්තා වලට අනුව සදහන් වුවත් හොංකොං බලධාරීන් පැවසුවේ සතුන් සහ මිනිසුන් අතර සම්ප්‍රේෂණය බැහැර නොකරන බවයි. ඒ අනුව ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

පූර්වාරක්ෂක පියවරක් ලෙස, ජනවාරි 7 වනදා පසු මෙම හැම්ස්ටර් සතුන් මිලදී ගත් පාරිභෝගිකයින් සොයා බලා අනිවාර්ය නිරෝධායනයකට ලක් කරන බවත් ඔවුන්ගේ බාරයේ තිබෙන හැම්ස්ටර් සතුන් බලධාරීන්ට භාර දිය යුතු බවද එරට බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සදහන් කලේ.

හොංකොං හි සියලුම සුරතල් සතුන් විකිණෙන ස්ථානවල හැම්ස්ටර් සතුන් විකිණීම වහාම නතර කළ යුතු බවද ඔවුන් ප්‍රකාශ කර ඇත. හැම්ස්ටර් සහ චින්චිලා ඇතුළු කුඩා ක්ෂීරපායින් 2,000 ක් පමණ මානුෂීය ආකාරයකින් මරා දමන බවද එම වාර්තා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31