spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ආසාදිත පුත්‍රයාව හොර රහසේ විභාගයකට ගෙනිහින් මාමාට සිදු වු දේ

කොරෝනා ආසාදිත 14 හැවිරිදි පාසල් සිසුවෙකු   විභාගයක් සඳහා රැගෙන ගිය එම සිසුවාගේ මාමාට  එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවරීමට කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය  පියවර ගනී.

වස්කඩුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මත්තෙගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනය කර තිබූ නිවසකට හොර රහසේ පැමිණ තිබේ.

කොවිඩ්  ආසාදිත ව රෝහල් ගත ගත කිරීමට අපේක්ෂාවෙන්  සිටි 14 හැවිරිදි පාසැල් සිසුවකු යතුරු පැදියක නංවා ගත් ඔහු  BMICH වෙත එම සිසුවා  රැගෙන ගොස් තිබෙන බවයි හෙලිව ඇත්තේ .

මෙම 14 හැවිරිදි දරුවාට කොරෝනා වැළඳී ඇති බවට දැනුවත් ව සිටි   එම පාසලේම තවත් සිසුවෙකු ඔහු ව  දැක තිබේ .

වහාම ඔහු සිය පියාගේ මාර්ගයෙන් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයාව දැනුවත් කර තිබෙන අවස්ථාවේ  මේ බව අනාවරණය වී තිබෙනවා .

සිසුවා විභාගයට යන විටත් ඔහුගේ  මව පියාට සහ නැගණියට  ද කොවිඩ්  ආසාදිතව සිට ඇති බවත්  එම නිවස තුළම කාන්තාවක් නිනිවෙස්  නිරෝධායනය  වී සිටින  බවත්  වාර්තා වනවා,

ඒ අනුව නිරෝධායන පනත උල්ලංඝනය කිරීමේ වරදට ඔවුන්ට නඩු පැපැවරීමට  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා පියවර ගෙන තිබේ.

මෙම විභාගය ජාත්‍යන්තර පාසලක් මගින් පවත්වන විභාගයක් වන අතර  හයදහසකට  ආසන්න පිරිසක් අවස්ථා කීපයකදී ඊට  ගෙන්වා ඇති බවත් හෙලිවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?