කොවිඩ් ආසාදිත දරුවන්ගේ සැලකිය යුතු ඉහළයෑමක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළයෑමක් පෙන්නුම් කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි.

ඔහු පැවසුවේ පසුගිය දින කිහිපය තුළ කොවිඩ් ආසාදිත ළමුන් 07 දෙනෙකු පමණක් රෝහලේ ප්‍රතිකාර ලැබුවද මේ වන විට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 35දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

“මේ දිනවල නැවතත් රෝගීන්ගේ වැඩිවීමක් අපිට දකින්නට තියෙනවා. සාමාන්‍යයෙන් පසුගිය කාලයේ සතිදෙක තුළ අපිට රෝගීන් 5 දෙනෙක් වගේ වාර්තා වුණේ. නමුත් දවස් පහක හයක කාලය තුළ රෝගීන්ගේ වර්ධනයක් දකින්නට තිබෙනවා. මේවන විට රෝගී කුඩා දරුවන් 35ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ යම්කිසි ප්‍රමාණයක් ආසාදනය වෙලා තියෙනවා. ඒ වගේම කොවිඩ් රෝගීන්ගේ යම්කිසි වැඩිවීමක් මේ දිනවල පෙන්නුම් කරනවා. ඉතින් ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරනවානම් හොඳයි. තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්, ඒ වගේම අනවශ්‍ය ගමන්බිමන් අඩුකරලා.  ඒ වගේම තෙවන මාත්‍රාව ලබාගන්නවානම් ඉතාමත් වැදගත්වෙනවා. එසේ නොවුණහොත් මේක ඉතාම දරුණු රැල්ලක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40