කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන අයට විශේෂ දැනුම් දීමක්

ඇඟ පත රිදීමක්, තද උණ ගතියක් හෝ ඔළුවේ කැක්කුමක් වැනි රෝග ලක්ෂණ ඇති නම්, ගත යුතු එක ම ඖෂධය පැරසිටමෝල් බවත් රෝහල් තුළ දී කොවිඩ් රෝගීන්ට ලබා දෙන වෙනත් ඖෂධ රෝහල්වලට පිටත නිවෙස්ගතව සිටින කිසිවෙකු නොගත යුතු බවත් කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, මේ දිනවල කොවිඩ් රෝගියෙකු ගත යුතු ඖෂධ සම්බන්ධයෙන් සමාජයේ සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන විවිධ මත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමිනි.

“කොවිඩ් රෝගියෙකුට ගත යුතු ඖෂධ ගැන සමාජ මාධ්‍ය සහ වෙනත් කටකතාවල මත සහ දුර්මත පළවෙනවා. දැන් මේ ඖෂධ ගැන කතා කරන කොට ඔබට තියෙන්නේ ඇඟපත රිදීමක්, උණක්, තද උණක්, ඔළුවේ කැක්කුමක් නම් එයට ගත යුතු ඖෂධය වන්නේ පැරසිටමෝල් ඖෂධය පමණයි.”

 

‘ඩෙක්සමෙතසෝන්’ නැමැති ඖෂධය වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ලබාගත් රෝගීන් රෝහල්වලට පැමිණෙන බව ද ඔහු පැවසීය.

 

නමුත් එම ඖෂධය එලෙස නොගත යුතු බවත් රෝහල් තුළදී තවත් ඖෂධ සමග ලබාදෙන එම ඖෂධය අනිසි ලෙස භාවිත කළ හොත් ඇති විය හැකි බරපතළ තත්ත්වය පිළිබඳව ඔහු මෙලෙස පැහැදිලි කිරීමක් කළේය.

 

“සමහර අවස්ථාවලදී රෝහලට රෝගීන් අරන් එනවා මේ අපි මේ මේ බෙහෙත් අරගත්තා කියලා.

 

එක බෙහෙතක් තමයි ඩෙක්සමෙතසෝන් කියන බෙහෙත. මේ බෙහෙත කොවිඩ් ආසාදිත රෝගියෙකුට රෝහල්වල දෙන එකක්. හැබැයි ඒ දෙන්නේ ඒ රෝගියාගේ ඔක්සිජන් ප්‍රමාණය 94%කට වඩා අඩු වුණා ම වෙනත් ඖෂධ සමගයි. මේ ඩෙක්සමෙතසෝන් ඖෂධය ඊට පෙර ඒ කියන්නේ රෝගයේ මුල් අවස්ථාවේදී අරගත්තොත් ඒ කොවිඩ්-19 වෛරසය ඔබගේ පෙනහලුවල ගුණනය වීම වැඩිවෙනවා. ඒකෙන් මේ රෝගයේ සංකූලතා ඇතිවීම ඉතා ම වැඩියි. ඒ නිසා අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ රෝහලට පිටින් ඉන්නා රෝගියෙක් ඩෙක්සාමෙතසෝන් කියන ඖෂධය ලබාගැනීම.”

 

තව ද කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන් ඊට පෙර බෝ නොවන රෝග වැළඳී සිටි අය නම්, ඔවුන් එම රෝගවලට අදාළව වෛද්‍යවරුන් නියම කළ ඖෂධ ද කොවිඩ් රෝගයට ඖෂධ ගන්නා අතරතුර ගත යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

“ඊට අමතරව කිව යුත්තේ, ඔබ දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙනවා නම් අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩිකම ඒ ආදී රෝගවලින් පෙළෙනවා නම්, කොව්ඩ්-19 රෝගය තියෙනවා කියලා ඒ රෝගයේ බෙහෙත් අරගන්නේ නැතිව ඉන්න එපා. ඒ බෙහෙත් ඔබගේ වෛද්‍යවරයා නියම කරපු ආකාරයට හරියට දිගට ම අරගන්න. නිසි සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින්න. මේ රෝගය ඔබගේ පවුලේ අනික් අයට පැතිරීමත් රටපුරා ව්‍යාප්තවීමත් වැළැක්වීම සඳහා දායකවන්න.”

 

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59