කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් ඊයේ (12) දිනයේ වැඩිම ආසාදිතයින් ගණන කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 225 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 27,153ක් වේ.

ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 1,568 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 80 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 154 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 153 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් ආසාදිතයින් 532ක් හඳුනාගැනුණු අතර කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමඟ මේ දක්වා බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 141,587ක් ලෙස දැක්වේ.

ඊයේ දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 150ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 135ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 87ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 75ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබුණි.

මීට අමතරව සෙසු එක් එක් දිස්ත්‍රික්කවලින් 75ක ට අඩු ගණනක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර අඩුම ආසාදිතයින් ගණනක් හඳුනාගෙන ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් (05) බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ නිරෝධායන රීති උල්ලංඝනය කළ 224 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38