කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් හෙදියන්ට කළ කැත වැඩක් නිසා මහා අවුලක්

ගාල්ල, කරාපිටිය රෝහලේ විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය වසා දමා තිබෙනවා.

එහි සේවකයින් 09 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වෛරසය ආසාදනය වූ පිරිස අතර හෙදියන් 07 දෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 02 දෙනෙකු සිටින බව සඳහන්.

මේ අතර රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය චෝදනා නගන්නේ මෙම විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් දෙදෙනෙකුගේ කළහකාරී හැසිරීමක් හේතුවෙන් හෙදියන්ට සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට මෙලෙස වෛරසය ආසාදන වූ බව යි.

අදාළ ආසාදිතයින් දෙදෙනා ප්‍රතිකාර ඒකකය තුළ කළහකාරීව හැසිරීමට පටන් ගැනීමත් සමග එම තත්ත්වය පාලනය කිරීමට උත්සහ කළ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ ආසාදිතයින් පහර දී තිබෙනවා.

එමෙන්ම එම පහරදීම අතරතුර හෙදියන්ගේ සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආරක්ෂක වැසුම්, මුහුණු ආවරණ ආදිය ගලවා දැමීමට අදාළ ආසාදිතයින් කටයුතු කර ඇති බව සඳහන්.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු පහරකෑමට ලක්වූ හෙදියන්ට සහ අනෙකුත් සේවකයින්ට කොවිඩ් ආසාදනය වූ බවට යි රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය චෝදනා නගන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත්කර ඇති බව වාර්තා වූවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42