කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් හෙදියන්ට කළ කැත වැඩක් නිසා මහා අවුලක්

ගාල්ල, කරාපිටිය රෝහලේ විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය වසා දමා තිබෙනවා.

එහි සේවකයින් 09 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වෛරසය ආසාදනය වූ පිරිස අතර හෙදියන් 07 දෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 02 දෙනෙකු සිටින බව සඳහන්.

මේ අතර රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය චෝදනා නගන්නේ මෙම විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් දෙදෙනෙකුගේ කළහකාරී හැසිරීමක් හේතුවෙන් හෙදියන්ට සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට මෙලෙස වෛරසය ආසාදන වූ බව යි.

අදාළ ආසාදිතයින් දෙදෙනා ප්‍රතිකාර ඒකකය තුළ කළහකාරීව හැසිරීමට පටන් ගැනීමත් සමග එම තත්ත්වය පාලනය කිරීමට උත්සහ කළ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ ආසාදිතයින් පහර දී තිබෙනවා.

එමෙන්ම එම පහරදීම අතරතුර හෙදියන්ගේ සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආරක්ෂක වැසුම්, මුහුණු ආවරණ ආදිය ගලවා දැමීමට අදාළ ආසාදිතයින් කටයුතු කර ඇති බව සඳහන්.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු පහරකෑමට ලක්වූ හෙදියන්ට සහ අනෙකුත් සේවකයින්ට කොවිඩ් ආසාදනය වූ බවට යි රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය චෝදනා නගන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත්කර ඇති බව වාර්තා වූවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14