කොවිඩ් ආසාදනයෙන් පසු ඇතිවන තත්ත්වය ගැන ඔබ දැනුවත්ද..?

කොරෝනා වෛරසය ආසාදනයවීමත් සමඟ දරුවන් සම්බන්ධයෙන් Silent hypoxia නමැති ඉතා බරපතළ තත්ත්වයක් මතුවී තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි.

අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා ඒ බව පැවසීය. විශේෂඥ වෛද්‍යවරයා මෙම රෝගී තත්ත්වය හඳුන්වනු ලැබුවේ නිහඬ මාරයෙකු ලෙසය. කොරෝනා වෛරසය ආසදනය වූ දරුවෙකුට මෙම රෝගී තත්ත්වය මතුවේ.

රෝගී තත්ත්වයෙන් සුව අතට පත්වූ දරුවෙකු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේදී හෝ සෙල්ලම් කිරීමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම එම රෝගී තත්ත්වය බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේදී හුස්ම ගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව ආදිය පෙන්නුම් කළ ද මෙම රෝගී තත්ත්වයේදී එලෙස පූර්ව ලක්ෂණ මතු නොවීමට විශේෂත්වයකි.

ඒ හේතුවෙන් කොරෝනා ආසාදනය වී තිබෙන දරුවන්ගේ දවසකට වරක් හෝ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලිය යුතු වන අතර සෙල්ලම් කිරීමෙන් පසු ඔක්සිජන් ප්‍රතිශතය 94%ට වඩා අඩුනම් සහ සාමාන්‍ය පරිදි සිටින විට 96%ට වඩා අඩුනම් වහාම එම දරුවා රෝහල් ගත කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

ඇල්ෆා ප්‍රභේදයේදී දරුවන්ට කොරෝනා ආසාදනය වුවද රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් නොකළ ද ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියත් සමග රෝග ලක්ෂණ මතුවීම වැඩිවී තිබේ. රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත වූ දරුවන් ප්‍රමාණය අඩුවුවද දැඩි සත්කාර අවශ්‍ය දරුවන් ප්‍රමාණය වැඩි වී තිබේ.

වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙන්නේ එසේ රෝහල්ගත වන රෝගී දරුවන් ප්‍රමාණය අඩුවී ඇත්තේ නිවෙස් තුළ තබා ප්‍රතිකාර කිරීමේ තීරණයත් සමග බවය. නිවෙස් තුළ කොරෝනා අසාදනය වූ දරුවන් රැකබලාගැනීමේ වැඩසටහනද ඉතා සාර්ථක බවද ඔහු පැවසීය.

මේ අතර, වයස 12ත් 18ත් අතර දරුවන්ට දැනට ලබාදීමට හැකි බවට පිළිගෙන තිබෙන මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලැබෙන ආකාරය අනුව දරුවන්ට ලබාදීමට හැකි වනු ඇති බවද වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි. මේ සම්බන්ධයෙන් දැනටමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සාකච්ජා පවත්වමින් තිබෙන අතර එම වයස් කාණ්ඩයේ විවිධ සංකූලතා සහ නිධන්ගත රෝග තිබෙන දරුවන්ට ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56