කොවිඩ් ආසාදනයෙන් තවත් මරණයක් (වීඩියෝ)

කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රභේදය හේතුවෙන් වසංගතයක් ඇතිවීමේ ප්‍රවණතාවක් මේ මොහොතේ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ වර්ධනයක් ද පෙන්නුම් නොකරන බවයි.

ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා බොහෝ රටවලින් මේ වනවිට JN.1 කොවිඩ් ප්‍රභේදය වාර්තා වනවා.

නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් සමීපව ආවේක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවා.

මේ අතර, එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු වමනය යෑම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඉකුත් 25 වන දින ඇතුලත් කර තිබෙනවා.

ඉන් එක් කාන්තාවක් ඊට පැය දෙකකට පමණ පසුව මියගොස් ඇති අතර පසුව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී එම මියගිය කාන්තාවට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ යක්කල – කොස්කඳවල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 63 ක කාන්තාවක්.

මේ අතර, ඩොලර් මිලියන හැත්තෑවක් වටිනා කල් ඉකුත් වූ කොවිඩ් එන්නත් ලක්ෂ හැත්තෑවක් විනාශ කිරීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ ප්‍රසම්පාදනය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන්නැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, කොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු මෙන්ම DMDK පක්ෂයේ ප්‍රධානී නාරයනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැප්ටන් යන අන්වර්ථ නාමයෙන් කොලිවුඩ් සිනමාලෝලීන් අතර ප්‍රසිද්ධියට පත් ඔහු චිත්‍රපට 154කට පමණ රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.

DMDK පක්ෂය නිර්මාණය කරගනිමින් 2005 වසරේදී දකුණු ඉන්දීය දේශපාලනයට පිවිසි විජයකාන්ත් චෙන්නායි හිදී මිය යන විට ඔහු 71 වැනි වියේ පසුවූණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10