කොවිඩ් අස්සේ සිදුවන හොර වැඩක් පරිස්සම්වන්න

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රජයේ දැඩි නියාමනයක් යටතේ මෙරටට ගෙන්වන සහ භාවිත කෙරෙන පසුබිමක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල කූඨ ලෙස අලෙවිකිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට අද (03) හැකි විය.

කොවිඩ් ආසාදිතයෙකු තහවුරු කරගැනීම සඳහා කඩිනම් ක්‍රමවේදය ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය හඳුන්වයි. ඒ සඳහා භාවිත කෙරෙන පරීක්ෂණ කට්ටල මෙරටට ආනයනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරලත් ආයතන දෙකක් පමණි.

එලෙස ගෙන්වන්නේ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය ලත්, ප්‍රමිතිගත ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයි. එම පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වූ පසු රජයේ රෝහල්වලට සහ පෞද්ගලික රෝහල්වලට ලබාදීම සිදු කෙරේ.

එවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිදු අවසරයක් ලබා නොගත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල පිටකොටුව ප්‍රදේශයේ කිසියම් පිරිසක් අලෙවිකරන බවට තොරතුරක්  ලැබුණි. ඒ අනුව උපාය දූතයෙකු ලවා අප එය තහවුරු කරගත්තේය.

(දුරකථන හඬ පටය)

හලෝ..

හලෝ ගුඩ් මෝර්නිං.. මම….ගාමන්ට් එකෙන් කතාකරන්නේ… ඇත්තටම දැන් අපේ ඉන්නවා…ළමයි තිහක් විතර එක්කෙනෙකුට පොසිටිවු වුනා… රැපිඩ් එකක්වත් කරගන්න විදියක් නැතිව ඉන්නෙ…. මට දැන් අපේ සර් කිවුවා පුළුවන්නම් කතා කරලා කිට් ටිකක් ගෙන්න ගන්න පුළුවන්ද කියලා.

එහෙම කරනවනම් කොහොමද පුළුවන් වෙන්නේ අපිට..

අපිට තර්ටි වගේ ගන්න පුළුවන්ද?

පුළුවන් සර් එක්දාස් නවසිය පනහක් විතර වෙනවා එකක් බොක්ස් එකට පනහක් වෙනවා අද වුනත් ගන්න පුළුවන්ද…අද වුනත් පුළුවන්…

මම කොහෙටද එන්න ඕන?

කොළඹ මේන් ස්ට්‍රීට් නේ? නැත්නම් ඩිලිවර් කරගන්න පුළුවන් එතකොට ඔක්කොම පේමන්ට් එක කීයක්ද මම කරන්න ඕන මේ 30ටම? විනාඩියක් ඉන්න 58,500ක් වෙනවා

ආ… රයිට් ඊයේ මිලටම දුන්නා 20ක් විතර අපේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා එයාට කියලා කරගන්න පුළුවන් එහෙම නැතුව ඔයාලා advice කරනවාද?

මම ඔයාට නොර්මලි මෙසේජ් එකක් දානන්ම් ප්‍රයිස් එක ඒකේ youtube link එකක් තියෙනවා ඒ link එකෙන් හරියටම කියලා දෙනවා මම එතකොට තව පැයකින් එකහමාරකින් විතර ඔතනට එව්වොත් හරිද?

ආ…. හරි හරි ඔයාද එන්නේ? ඔව් මම එන්නේ ආහ්..හරි thank you very much

ඔහු ලබා දුන් එම තොරතුරුවලට අනුව අප අද දහවල් පිටකොටුවේ කෙලින් වීදියට ළඟා විය. ඒ අනුව අදාළ පුද්ගලයාගෙන් අද දෙරණ උකුස්සා උපායශීලීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලදී ගන්නේ මෙම ජාවාරම තහවුරු කර ගැනීමේ අරමුණිනි. මින් නොනැවතුණු උකුස්සා මෙම ජාවාරම යළි තහවුරු කරගැනීම සඳහා තවත් උපාය දූතයෙකු මෙම නීති විරෝධී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම සඳහා යොමු කරවනු ලබනවා.

හෙලෝ

ඔව් සර්

මම එනගමන් ආයිත් ඔයාගෙන් 10ක් ගන්න පුළුවන් ද?බොහෝදුරට මම එන්නේ නැහැ

ආහ්… හා. හා කවුද එන්නේ?

මම එක්කෙනෙක් එවන්නම් මම තව ටිකකින් … විනාඩි 20කින් විතර

ඔව් විනාඩි 20කින් විතර මෙතනට ආවොත් මම දෙන්නම් ආහ්… හරි හරි  

ඒ අනුව මේ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දැනුම් දීමට පියවර ගත්තේය. දැඩි කොවිඩ් වසංගතයක් මැද, ජන ජීවිදය දැඩි අවදානමේ හෙළමින් කිසිදු ප්‍රමිති සහතිකයක් නොමැති මෙවන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල පිටකොටුවේ මෙලෙස අලෙවිවන්නේ කෙසේද?

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක මිල 1146ක මුදලකට රසායනාගාර සහ රෝහල් වෙත සැපයීමට අනුමතකර ඇති පසුබිමක එම පිළිගත් ක්‍රමවේදවලින් බැහැරව රුපියල් 1,950ක් වැනි ඉහළ මුදලකට සෞඛ්‍ය අංශවල අනුමැතිය පවා නොමැති මෙම පුද්ගලයින් විසින් අලෙවි කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21