කොලොම්බියාවේ නායයෑම්වලින් ජීවිත 37ක් අහිමි වෙයි

කොලොම්බියාවේ වයඹදිග චෝකෝ ප්‍රදේශයේ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව කොපමණ දැයි මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ක්විබ්ඩෝ සහ මෙඩෙලින් නගර අතර මාර්ගයක මෙම නායයෑම් සිදුවී ඇති බව කොලොම්බියාවේ උප ජනාධිපති ෆ්‍රැන්සියා මාකේස් සිකුරාදා ප්‍රකාශ කර තිබෙනවා.

එම ප්‍රදේශයට පැය 24ක පමණ කාලයක් පැවති අඛණ්ඩ අධික වර්ෂාපතනයකින් පසුව මෙම නාය යාම් සිදුවී ඇතැයි සඳහන්.

මෙඩලින් සහ ක්විබ්ඩෝ නගර සම්බන්ධ කරන මාර්ගයේ නායයෑම් කිහිපයක් සිදුවී තිබෙනවා. ප්‍රදේශයේ නගරාධිපතිවරයා පැවසුවේ ඇතැම් පුද්ගලයින් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බවයි.

පැසිෆික් සාගරයට මායිම්ව පිහිටි චොකෝ පළාතේ මෙම ප්‍රදේශය දැඩි වනාන්තරවලින් වැසී ඇති අතර ගත වූ පැය 24 තුළ සැලකිය යුතු වර්ෂාපතනයකට ගොදුරු වී තිබෙනවා.

කොලොම්බියාව මීට පෙරද මෙවැනි නාය යාම්වල‍ට ලක්වී තිබෙනවා. 2017 වසරේදී පැවති ධාරානිපාත වර්ෂාවෙන් පසු මොකෝවා නගරය හරහා මඩ ප්‍රවාහයක් යාමෙන් රටේ දුරස්ථ දකුණු ප්‍රදේශයක සිය ගණනක් මිනිසුන් මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22