spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොල්ලකරුවන් පිරිසක් පොලිසියෙන් වෙඩි කයි – අයෙක් මරුට

නාරම්මල ප්‍රදේශයේ මුදල් මංකොල්ලයකට පැමිණි කොල්ලකරුවන් පිරිසකට පොලිසිය එල්ල කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙක් පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මංකොල්ලකරුවන් පිරිස ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බවට පුවත්පත් දැන්වීම් පළ කර එලෙස ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීමට රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන්ට ඇති වූ සැකය හේතුවෙන් ඒ පිළිබඳව පොලිසියට දන්වා පොලිස් නිලධාරීන් සමඟම ඔවුන් හමුවීමට මෙම පිරිස ගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස කොල්ලකරුවන් පිරිස ඔවුන්ට දන්වා ඇති අතර ඔවුන් එම ස්ථානයට පැමිණීමත් සමඟ කොල්ලකරුවන් ඔවුන්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී ඇති බව පොලසිය පවසනවා.

එහිදී පොලිස් නිලධාරීන් සමඟ ඇති වූ පොරබැඳීමක් අතරතුර පොලිස් නිලධාරීන් මෙලෙස කොල්ලකරුවන් පිරිසට වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

එමෙන්ම කොල්ලකරුවන් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනා තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?