spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොල්ලකරුවන් දෙදෙනෙක් වේයන්ගොඩ දී අත්අඩංගුවට

කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් වේයන්ගොඩ ප්‍රදේශයේ දී ඊයේ (03) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර වේයන්ගොඩ සහ දිවුලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්වන මොවුන් 35 සහ 38 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් විසින් මාලිගාවත්ත, දෙමටගොඩ, කඩවත, ගලේවෙල සහ කුරුණෑගල යන ප්‍රදේශවල තියුණු ආයුධ පෙන්වා මෙම කොල්ලකෑම් සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (04) දිනයේ දී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?