කොල්කටාවට අවසන් මොහොතේ සුපිරි ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තියුණු තරගයක් ඊයේ (23)දින රාත්‍රියේ පැවත් වුණේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.

තියුණු සටනකින් පසු අවසන් පන්දුවේ දී තරගයේ ජය ගැනීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා.

කොල්කටා කණ්ඩායම මෙම තරගය ජයගත්තේ ලකුණු 04කින්.

කොල්කටා නුවර ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට කොල්කටා පිළට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව පිත්ත අතට ගත් කොල්කටා පිතිකරුවන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 207ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භ පිතිකරු පිල් සෝල්ට් ලකුණු 54ක් රැස්කළ අතර, රමන්දීප් සිං ලකුණු 35ක් පන්දු 17ක් තුළ රැස් කිරීමට සමත් වුණා.

කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ඩ්‍රි රසල් හයිද්‍රාබාද් පන්දු යවන්නන්න්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා.

කොල්කටා ඉනිම ලකුණු 200 සීමවට රැගෙන ගිය රසල් පන්දු 25ක් තුළ නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 64ක්.

ඔහුගේ මෙම දැවැන්ත ඉනිමට හයේ පහර 07ක් සහ හතරේ පහර 03ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී තංගට්සු නටරාජන් කොල්කටා ඉනිමේ කඩුලු 03ක් බිද දැමුවේ ලකුණු 32ක් පමණක් ලබාදෙමින්.

අනතුරුව හයිද්‍රාබාද් පිළ පිළිතුරු ඉනිම ආරම්භ කළ අතර හයිද්‍රාබාද් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භ පිතිකරුවන් යුගලය කටයුතු කළා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් පසු හයිද්‍රාබාද් පිළිතුරු ඉනිම තරමක් මන්දගාමී වුණා.

තරගයේ අවසන් පන්දුවාර හතර වන විට වැඩි වාසියක් අත්කර ගැනීමට කොල්කටා ක්‍රීඩකයින්ට හැකියාව ලැබී තිබුණා.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර 03 තුළ ක්‍රියාත්මක වූ මැදපෙළ පිතිකරු හෙන්රිච් ක්ලාසන් තරගයේ වැඩි වාසියක් හයිද්‍රාබාදය දෙසට හරවා ගන්නට කටයුතු කළා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන්ව පන්දුවාර තුළ හයිද්‍රාබාද් කණ්ඩායමට හිමිව තිබූ ඉලක්කය ලකුණු 13ක්.

එම පන්දුවාරයේ දී ඒ වන විට හොදින් පන්දුවට පහර දෙමින් සිටි ෂබාස් අහමඩ් සහ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කර තිබූ හෙන්රිච් ක්ලාසන්ගේ කඩුලු දෙක දවාගන්නට කොල්කටා ක්‍රීඩකයින්ට හැකි වුණා.

ඒ,අනුව තරගයේ ජයග්‍රහණය සදහා අවසන් පන්දුවට ලකුණු 05ක් ලබා ගැනීමට හයිද්‍රාබාදයට අවශ්‍යව තිබුණා.

අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ යොවුන් ක්‍රීඩක හර්ෂිත් රානා එම පන්දුවට ලකුණු ලබාගැනීමට එම අවස්ථාවවේ කඩුල්ලේ සිටි හයිද්‍රාබාද් නායක පැට් කමින්ස්ට අවස්ථාව ලබාදුන්නේ නැහැ.

ඒ අනුව මෙම තරගය තියුණු සටනකින් පසු ලකුණු 04කින් ජයගන්නට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

හයිද්‍රාබාද් පිළ වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ හෙන්ඩ්‍රිච් ක්ලාසන් පන්දු 29කදී හයේ පහර 08ක් සමගින් ලකුණු 63ක් රැස් කළා.

පන්දු යැවීමේ දී හර්ෂිත් රානා කඩුලු 03ක් බිද දැමූ අතර ඇන්ඩ්‍රි ‍රසල් කඩුලු 02ක් බිද දැමුවා.

මෙම තරගයේදී පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක් වූ ඇන්ඩ්‍රි රසල් තරගයේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44