කොරෝනා හැදුණු දරුවන්ට තවත් ලෙඩක්

දරුවන්ට වැලඳෙන MIS – C නැමැති රෝගී තත්ත්වයක් දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තාවෙමින් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර  විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කොරෝනා ආසාදනය වූ දරුවන්ගේ සති 2ත් 6ත් අතර කාලයෙන් පසු මෙම රෝගී තත්ත්වය වාර්තා වී ඇති බවය.

මෙම රෝගී තත්ත්වයන් නිසා ප්‍රතිකාර ලබන දරුවන් හේතුවෙන් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට තවදුරටත් දරුවන් භාර ගැනීමේ හැකියාවක් මේ වනවිට නොමැති බවද ඔහු සඳහන් කළේය.

“කොරෝනා වැලඳිලා සති 2ත් 6ත් අතර කාලයකට පසුව විශේෂයෙන්ම ළමයින්ට වැලඳෙන Multisystem inflammatory syndrome in children එහෙම නැත්නම් MIS – C කියන මෙම රෝගී තත්ත්වය වැලඳුණු ළමුන් 45 දෙනෙකුට අධික සංඛ්‍යාවකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අපි ප්‍රතිකාර ලබාදීලා තියෙනවා. මේ මොහොතේදී මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් 4 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ලංකාව පුරාම තැනින් තැන මේ රෝගය මතුවෙනවා. ඒ වගේම දැන් දැන් අපි දකිනවා අලුත ඉපදුණු දරුවන්ට ඉපදුණු වහාමත් මෙම රෝගී තත්ත්වය මතුවෙනවා. කොරෝනා හැදුනට පස්සේ ඒ දරුවාගේ ඇඟේ තියෙන ප්‍රතිදේහ අපේම ඇඟේ වෙන වෙන අවයවවලට බලපානවා. හදවතට, වකුගඩුවලට, පෙනහළුවලට, අක්මාවට බලපානවා. විශේෂයෙන්ම හෘදයවස්තුවට බලපාලා රුධිර පීඩනය අඩුවෙලා මියයන්නට පවා ඉඩ තියෙනවා. නිසි ප්‍රතිකාර ලබාදුන්නොත් සම්පූර්ණ සුවය ලබන්නත් පුළුවන්. අපේ රෝහලේ එක දරුවෙකු විතරයි මියගියේ. යම් දරුවෙකුට උණ, තදබල බඩේ කැක්කුම, වමනය, පාචනය, ඇස් රතු පැහැවීම, සමේ දද වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමුවෙලා රෝගය පරීක්ෂා කරගන්න. මවට කොරෝනා වැලඳුණහොත් ඒ මවගේ ඇඟ තුළ ඇතිවන ප්‍රතිදේහ දරුවාට යනවා. ඒ ආකාරයෙන් තමයි දරුවාගේ අවයවවලට බලපාන්නේ. ඒ රෝගීන්ගෙන් දැඩි සත්කාර ඒකකයත් පිරිලා තියෙන්නේ. ඒකෙ තේරුම.. කොරෝනාවලින් අසාධ්‍ය වෙලා ඉන්න තවත් දරුවෙක්ව අපට භාරගැනීමේ හැකියාවක් මේ වනවිට නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59