කොරෝනා සුවයි කියා ගෙදර එවූ කතගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

උණ රෝගය වැළඳී හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළී සිටි කාන්තාවක් රෝහල වෙත රැගෙන යද්දී මරණයට පත් වී තිබෙනවා.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත්තේ ඇය මිය ගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියාවෙන් බවයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව කොවිඩ් 19 ආසාදිත බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝගය සුව වූ බවට සඳහන් කරමින් නිවසට එවූ තැනැත්තියක් බවයි හෙළි වී තිබෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ තිදරු මවක්.

දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුණා ගැනීමෙන් අනතුරුව හික්කඩුව කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කොට තිබෙනවා.

එම මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඇයව නිවසට එවා ඇත්තේ රෝගය සුව වූ බව පවසමින්.

කෙසේ වෙතත් මෙලෙස නිවසේ සිටින අතරතුර දී ඇයට යළි උණ රෝගය වැළදී ඇති අතර පසුව හුස්ම ගැනීම අපහසුබව සඳහන් කිරීම හේතුවෙන් නිවැසියන් ඇයව රෝහලක් වෙත ගෙන ගොස් තිබෙනවා.

එහෙත් ඇය රෝහල වෙත රැගෙන යව අතරතුරදීම මරණයට පත් වූ බව යි වාර්තා වන්නේ.

ඇගේ හදිසි මරණ පරික්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක වයි.එම්. සාගරිකා නිල්මිණි මහත්මියවිසින් සිදුකරනු ලැබූ අතර පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවිර මහතා විසින් සිදු කළා. 

ඉදිරිපත් වු කරුණු හා වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් මරණ පරික්ෂකවරිය මෙම මරණය කොවිඩ් නිව්මෝනියාවෙන් සිදුව ඇති බවට තීන්දු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36