කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔබට සුභ පණිවිඩයක්

ඉන්දියානු පර්යේෂකයින් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඇස් කන්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව කන්නාඩි පළදින පුද්ගලයින් හට කොරෝනා වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවය අඩු අගයක් ගන්නා බවයි. වයස අවුරුදු 10-80 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් 304 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත්තේ.  අදාල පර්යේෂණය සඳහා සහභාගී වූ පුද්ගලයින් ගෙන් වෛරසය ආසාදනය නොවූ පිරිස සීයයට 19ක් වූ අතර ඔවුන්ට තිබෙන දෘශ්‍ය ආබාධ හේතුවෙන් දෛනිකව ඇස් කණ්නාඩි පැළදීම සිදුකරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

දිනපතා පැය 08කට වැඩි කාලයක් උපැස් යුවල පළදින පුද්ගලයින්ට කොරෝනා වැලදීමේ අවස්ථාව එලෙස කන්නාඩි නොපලදින පුද්ගලයින්ට සාපේක්ෂව 3-4 වාරයක් අවම බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.සෑම මනුෂ්‍යයෙකුම පැයකට 23 වරක් තම මුහුණ ස්පර්ශ කරන අතර තෙවරක් ඇස් ස්පර්ශ කරන බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.

ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වැලකීම හේතුවෙන් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය විමේ අඩු ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. චීනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් අතුරින් ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් වාර්තා වී ඇත්තේ සීයයට 5 කට අඩු අගයක් පමණක් බව පසුගිය වසරේදී එරට පර්යේෂකයින් විසින් සඳහන් කර සිටියා. මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලදී ඇස් කන්නාඩි පැලදීම සහ දිනකට වැඩි කාලයක් කන්නාඩි පැලදීම මගින් කොරෝනා වෛරසය නිරාවරණය වීමේ හැකියාව අවම කරන බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ. මෙම “ඇස්” හරහා කොරෝනා වෛරසය මිනිසාට බෝ වීමේ වැඩි හැකියාවක් ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03