කොරෝනා වැළඳුණු දරුවන් පන්සීයක් : 10ක් මරුමුවට

කොරෝනා ආසාදනයවූ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් කොළඹ ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේදක්වා වාර්තාවී ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය .

කොරෝනා ආසාදනයවූ දරුවන් දස දෙනකු ළමා රෝහලේදී මේදක්වා මියගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය

ළමයින්ට කොරෝනා ආසාදනයවීම වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කී පෙරේරා මහතා කොරෝනා වැළඳුණු දරුවන් 5 ත් 10 ත් අතර සංඛ්‍යාවක් ලේඩි රිජ්වේ රෝහලින් දිනපතා වාර්තාවන බවද ප්‍රකාශ කළේය .

කොරෝනා ආසාදනයවූ දරුවන් 28දෙනකු ලේඩි රිජ්වේ රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බවත් ඒ පිරිසේ කොරෝනා සහ ඩෙංගු යන රෝග තත්වයන් දෙකම දක්නට ලැබෙන දරුවන් කිහිප දෙනකුද සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය .

කොරෝනා වාට්ටු දෙකෙන් එක් වාට්ටුවක ළමයින් 18 දෙනෙකුද අනෙක් වාට්ටුවේ ළමයින් 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

කොරෝනා නව සැර ප්‍රභේද පැතිර යන මොහොතක තම දරුවන්ගේ සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් වන ලෙසටත් දරුවන් සෙනඟ විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලට රැගෙන යෑමෙන් වළකින ලෙසටත් මවුපියන්ගෙන් තමා ඉල්ලීමක් කරන බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

එසේම දරුවන් නිවෙස්වලින් බැහැරට රැගෙන යන අවස්ථාවන්හිදී මුව ආවරණයක් නිවැරැදි ආකාරයට පළඳවන ලෙසද ඔහු ඉල්ලීමක් කරයි .

(සුජිත් හේවාජුලිගේ)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14